සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

එල්ලෙන බඩෙන්  කිලෝ 5 ක තෙල්   ඉවත් කළ සැත්කමක් කෑගල්ල මූලික රෝහලෙන්…  ( වීඩියෝ සහිතයි)

by editor
දෙසැම්බර් 9, 2022
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

ජී එස් උදයංගනී විවාහක එක් දරු මවකි.     වයස අවුරුදු 26 කි.   ජීවත් වන්නේ  පොතුහැර මහපිටිය ප්‍රදේශයේය.

දරුවා පිලිසිද ගැනීමට පෙර ඇය නියම සෞඛ්‍ය තත්වයත්වයෙන් පසුවූවාය. එහෙත්    දරුවා පිළිසිඳ ගෙන දරු ප්‍රසූතියෙන් පසු ඇගේ උදරය අස්වාභාවික ලෙස විශාල වන්නට විය.

පසුගිය අවුරුදු  එකහමාර තුළදී  ඇගේ  උදරය තව තවත් විශාල  වූයේය.  මේ තත්ත්වය  ඇයට  ඇයට නිතර උදරාබාධ ඇති කළේය.  කොන්දේ කැක්කුම් පාදවල වේදනා හටගත්තේය.   මේ තරුණ මව කායිකව මෙන්ම මානසිකව ද රෝගී වූවාය. ඇඳුමක් ඇඳගැනීමට නොහැකි තත්ත්වයක් ඇති විනි.  සමාජය ඉදිරියේ දැඩි අවඥාවට ලක් වූ අවස්ථා ගණනාවක් විය.

කෑගල්ල මූලික රෝහලේ විශේඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන වෙත යොමුවීම

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන…

මේ තත්ත්වයෙන් මිදීම සඳහා ඇය විවිධ ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වූවාය. ගැටලුව තවත් තීව්‍ර විය. මේ අතර ඇයගේ ගැටලුව තේරුම් ගත් වෛද්‍යවරයෙක් ඇයව කෑගල්ල මූලික රෝහලේ  විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන  ගේ  ශල්‍ය වෛද්‍ය සායනයට යොමු කර තිබිණි.

ඇය සායනයට යොමු වූවාය.  මෙහිදී වෛද්‍ය වෛද්‍යවරයා විසින් නියමකර  තිබුණේ  දීර්ඝකාලීන බර අඩු කරගැනීමේ  සැලැස්මක් අනුගමනය කළ යුතු අතර  පවතින තත්ත්වයට පිළියම් ලෙස ඇය සැත්කමකට භාජනය කළ යුතු බවය.

කෑගල්ල මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය  ආනන්ද ජයවර්ධනගෙන් එම සැත්කම පිලිබඳව විමසුවෙමු.  ඔහු සිය අත්දැකීම අප ඉදිරිපිට දිගහැරියේය.

සැත්කමේ අත්දැකීම

“මෙම 26 හැවිරිදි කාන්තාව මගේ සායනයට පැමිණෙන විට ඇගේ උදරය ඉතාමත් නරක ලෙස ඉදිරියට නෙරාවිත් තිබුණේ.  ඇගේ උදරය පටක ඉතා දුර්වල මට්ටමකයි පැවතුනේ.  මෙයට බොහෝ දුරට හේතු වී තිබුණෙ  ඇය දරුවා පිළිසිඳ ගැනිමෙන් පසු ඇය   ඉතා අධික කැලරි ප්‍රමාණයක් ලබා  ගැනීම.

“දරුවකු පිලිසිද ගත් විට අප සමාජය තුළ “දැන් දෙදෙනෙකුට ආහාර ගත් යුතුයි” යන මතයක් තියනවා.     මේ හේතුව නිසා බොහෝ මව්වරු දරුවකු පිළිසිඳ ගැනීමත් සමඟ ඉතා අධික කැලරි ප්‍රමාණයක් දෛනිකව ලබා ගන්නවා.  මෙසේ අධිකව ලබා ගන්නා කැලරි සිරුරේ දී තෙල් බවට හැරී විවිධ ස්ථානවල තැන්පත් වෙනවා.“

“විශේෂම උදරය අභ්‍යන්තරයේත්  උදර බිත්තියේත් තමයි අධිකව තෙල් තැන්පත් වීම සිදුවෙන්නෙ.  එවිට සිදුවෙන්නේ උදර බිත්තියත්  පිටතින් ඇති චර්ම‍යටත් අසාමාන්‍ය ලෙස ඉදිරියට නෙරාගෙන ඒමයි. මෙසේ අසාමාන්‍ය ලෙස උදර බිත්තිය සහ චර්මය ඉදිරියට නෙරා ආපසු දරු ප්‍රසූතියෙන් පසුව වුවද එය යථා තත්වයට පත් වන්නෙ නෑ.“

තෙල් කිලෝ පහක් ඉවතට…


“මෙම කාන්තා මුහුණ දුන් මෙම කායික මානසික හා සමාජමය ගැටළු වලට පිලියමක් විදිහට  තමයි මේ ඇයව මේ සැත්කමට ලක් කළේ.“

විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.   සැත්කම් සාර්ථකව   සිදු කරන්නට හැකි වූයේය.  ඇගේ උදර බිත්තියේ තෙල් සහ චර්මය කිලෝ පහක් පමණ කපා ඉවත් කරන ලදී.  උදර බිත්තියේ  දුර්වල ස්ථාන ද සැත්කම් මගින් ශක්තිමත් තත්ත්වයට පත් කරනු ලැබීය. මේ සඳහා පැය තුනක පමණ කාලයක් ගත වූ අතර රෝහල් කාර්ය මණ්ඩලය ඒත් සඳහා දැඩි සහයෝගයක් ලබා දුන්නේය.

ඇය දැන් මහත් සහනයකින් පසුවන්නීය.  සිරුර දරුවා පිළිසිඳගැනීමට පෙර පැවති    හැඩයෙන් පවත්වාගෙන යන්නීය.

දරුවන් පිලිසිඳ ගැනීමේදී කාන්තාවන්ගේ සිරුරේ හැඩය සහ කායික ගැටලු එතරම් මතු වෙන්නේ නැත. නමුත්    එම කාලය තුළදී මවක් ඉතා අධික කැලරි ප්‍රමාණයක් ලබා ගැනීම නිසා මෙවැනි තත්ත්ව ඇති වේ.

එම දුර්මතය සමාජයෙන් බැහැර විය යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ හිඟය හංගා බොරු කියන්න එපා… රටත් රෝගීනුත් අනතුරේ වැටෙනවා – විශේෂඥ වෙද්‍යවරු අමාත්‍යාංශයෙන්  ඉල්ලති!

Next Post

බිලියන 40ක බදු වංචාවට පසුපස ඇති මත්පැන් බෝතලේ ස්ටිකර් මගඩිය !

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.