ලලිත් චාමින්ද
පිළිකා සඳහා අවශ්‍ය ඖෂධ වර්ග වලින් හරි අඩක් නෑ.
නිර්වින්දන එන්නත ඇත්තේ සති 02කට … රෝහල් තුළ වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 241ක් හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග 4880ක් හිඟයක්… මේ ව්‍යසනයට හේතුව ඩොලර් හිඟය පමණක් නොවන බව දැන් හෙළි වී ඇත.
මේ ඒ කතාවය.
වෛද්‍ය සැපයුම් අංශය තුළ සහ රෝහල් තුළ වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 241ක් හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග 4880ක් හිඟයක් මෙම වර්ෂයේ (2022) මැයි මස 13වැනි දින වනවිට පැවති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
එමෙන්ම වෛද්‍ය සැපයුම් අංශය තුළ හා රෝහල්වල නිතිපතා භාවිතයට ගන්නා රසායනාගාර ද්‍රව්‍ය 850ක් හා එක්ස්රේ අයිතම් 18ක හිඟයක් පැවතුණි. මෙදිනට වෛද්‍ය සැපයුම් අංශය තුළ හිඟව පැවති වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සංඛ්‍යව190කි.
රෝහල් තුළ ද වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 51 හිඟයක් පැවති බැව් විගණන වාර්තාවේ සඳහන් වේ. වෛද්‍ය සැපයුම් අංශය තුළ වැදගත් හා අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය 2724ක සහ රෝහල් තුළ වැදගත් හා අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය අයිතම් 2156ක හිඟයක් පැවතුණි.
එමෙන්ම මැයි මස 13 වැනිදින වනවිට මාසයකටත් වඩා අඩුකාලයක් සඳහා පමණක් ප්‍රමාණවත්ව ඇත්තේ වැදගත් ඖෂධ වර්ග 14කින් 06ක් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 646කින් 104ක් හා අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 486කින් 45ක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මාසයක් තුළ ඉවර වෙන ඖෂධ
මාසයකටත් වඩා අඩුකාලයක් සඳහා ප්‍රමාණවත්ව ඇති ශල්‍ය අයිතම් සංඛ්‍යාව 1102ක් වන අතර රසායනාගාර අයිතම් 385ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම රෝග කාණ්ඩ 15ක් සඳහා භාවිතයට ගන්නා වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 179ක් වෛද්‍ය සැපයුම් අංශය තුළ හිඟව පවතින අතර සෞඛ්‍ය ආයතන තුළ හිඟව පවතින වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සංඛ්‍යාව 43කි.
ආසාදන, හෘද, ස්නායු, ස්වසන , ආමාශ, ඇස, කණ, නාසය, පිලිකා, ප්‍රසව හා නාරිවේද මුත්‍රා ආබාධ, මාංශපේශි හා සන්ධිරෝග වැනි රෝග සඳහා භාවිතා කරණ ඖෂධ වර්ග හිඟව පවතී. එමෙන්ම අන්තරායකර ඖෂධ,පෝෂණ හා රුධිරයට බලපාන ඖෂධ ප්‍රතිශක්තිකරණ හා නිෂ්පාදන එන්නත්, අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත ප්‍රථිකාර, නිර්වින්දන, ප්‍රති විරෝධක සදහා භාවිතයට ගන්නා ඖෂධ වර්ගවල හිඟයක් පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ. පිලිකා රෝග සදහා භාවිතා කරණ ඖෂධ වර්ග 85කින් 41ක් හිඟයක් පවති.
නිර්වින්දන කටයුතු සදහා භාවිතාකරණ Suxamethonium chloride එන්නත වෛද්‍ය සැපයුම් අංශය තුළ ඇත්තේ සති 02කටත් අඩුකාලයක් සදහා පමණි. රෝහල් තුල මාස 02කටත් වඩා අඩුකාලයක් සදහා තොග පැවතුණි. අසාත්මිකතාවන් සදහා භාවිතාකරණු ලබන අත්‍යවශ්‍ය ඖෂධයක් වන Cetirizine HCL සිරප් ඖෂධයේ තොග මෙම වර්ෂයේ අප්‍රේල් මස 22 වනවිට වෛද්‍ය සැපයිම් අංශය තුළ අවසන් වි තිබුණි.
වෛද්‍ය සැපයුම් අංශය ඖෂධ ඇනවුම් නොකළ හැටි.
රෝහල් සදහා සති 05කට ප්‍රමාණවත්ව මෙම ඖෂධය පැවති අතර 2022 වර්ෂයේ මැයි මස 02 වැනිදින වනවිටත් 2022 වර්ෂය සඳහා මෙකී ඖෂධය වෛද්‍ය සැපයිම් අංශය විසින් ඇණවුම්කොට නොතිබුණි. මෙකි ඖෂධය වැඩි වශයෙන් කුඩා දරුවන් සදහා භාවිතා කරණු ලබන අතර මෙම වර්ෂයේ අප්‍රේල් මස 22 වනවිට කාසල් වීදය කාන්තා රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ බදුල්ල මහ රෝහල් යන රෝහල්වල මෙකී ඖෂධය නොතිබු බවද විගණන වාර්තවේ සදහන් වේ.
අත්‍යවශ්‍ය ජිවිතාරක්ෂක ඖෂධයක් වන Meropenem 1g එන්නත ඇණවුම් කිරිමේ දි ප්‍රසම්පාදන කටයුතු පිළිබද නිවරදි ලෙස තිරණ නොගැනිම හා නිවරදි ලෙස සැලසුම් නොකිරිම හේතුවෙන් මෙකී ඖෂධය වෛද්‍ය සැපයිම් අංශය තුළ හා රෝහල් තුළ පැවතියේ මාසයකටත් වඩා අඩුකාලයක් සදහා පමණි. එමෙන්ම මෙකී ඖෂධය රුපියල් 481කට මිලදි ගැනීමට හැකිව තිබුණි. එහෙත් ප්‍රමාදය හේතුවෙන් මෙම ඖෂධය 2021 වර්ෂයේ දි රජයේ රෝහල් විසින් ඒකකයක් රුපියල් 1956ත් 4697 අතර වු විවිධ මිල ගණන් යටතේ රුපියල් මිලියන 49.52ක් වැයකොට දේශිය වෙළඳපොළෙන් ඉතා ඉහල මිලකට මිලදිගෙන තිබුණි.
වෛද්‍ය සැපයුම් අංශය රට මළ ගෙයක් කළ හැටි
ජලභිතිකා රෝගයට නිරාවරණය වු රෝගින්ට ලබාදෙන වැදගත් ඖෂධයක් වන Anti Rabies Serum අයිතමයේ තොග වෛද්‍ය සැපයිම් අංශය තුල අවසන් වි තිබුණි. රෝහල් සඳහා මෙකි ඖෂධය පැවතියේ මාසයකටත් අඩු කාලයක් සදහා පමණි. මෙකි ඖෂධය හිඟවිමට හේතුව විනිමය හිඟය නොව ප්‍රසම්පාදන ගැටළු බව නිරික්ෂණය වි ඇති බැව් විගණන වාර්තාවේ සදහන් වේ.
මෙකී ඖෂධය සඳහා 2020 වර්ෂයේ දි ඇණවුම් ඉදිරිපත් කොට මාස 07කට පසු වෛද්‍ය සැපයුම් අංශය මගින් එය අවලංගුකොට තිබුණි. 2021 හා 2020 වර්ෂ සදහා ඇණවුම් ඉදිරිපත්කොට නොතිබුණි. 2019 වර්ෂය සදහා 2018 වර්ෂයේ දි ඉදිරිපත් කළ ඇණවුම 2022 වර්ෂයේ ජනවාරි මස නැවතත් සංශෝධනය කොට ඉදිරිපත්කොට තිබුණි.
වෛද්‍ය සැපයුම් හිඟය ඇතිවිමට ආසන්නම හේතුව විනිමය හිගය බව සැබැවකි. එහෙත් වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත කර තිබු පරිඝණක පද්ධතිය නිසි ලෙස යාවත්කාලන කර නොතිබු අතර එය නිසි ලෙස භාවිතයට ගෙන නොතිබුණි.
ඖෂධ ඇණවුම් කිරීමේ කාර්යේ දී සෞඛ්‍ය අමාත්‍යංශය රාජ්‍ය අමාත්‍යංශය වෛද්‍ය සැපයිම් අංශය ශ්‍රි ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ශ්‍රිලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, යන රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධතාවයක් සම්බන්ධීකරණයක් නොතිබුණි. මෙකී ආයතන විසින් ඇණවුමට අදාල කටයුතු හුදකලාව සිදුකරමින් පැවති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
වෛද්‍ය සැපයුම් කළමනාකරණ ක්‍රියාවලිය වඩා යහපත් ලෙස සංවිධානය කරගැනීමට හා රජයේ රෝහල්වලට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග අඛණ්ඩව සැපයිම සඳහා වෛද්‍ය සැපයුම් කළමණාකරණ පද්ධතියක් පවත්වාගෙන යාමට රුපියල් රුපියල් මිලියන 191.7ක් වැයකොට තිබුණි. මෙකී තොරතුරු පද්ධතිය මගින් අමාත්‍යංශය යටතේ ඇති රෝහල් හා ආයතන 55කට ප්‍රාදේශීය ඖෂධ ගබඩා 26කට ජාතික ඖෂධ නියාමන අධිකාරියට ජාතික ඖෂධ තත්ත්ව පාලන රාසායනාගාරයට හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට සම්බන්ධ කරතිබුණි. වෛද්‍ය සැපයුම් ඇණවුම් කිරීමේ සිට නිකුත් කිරීම දක්වා වු සමස්ත ක්‍රියාවලිය මෙකී පරිඝණක පද්ධතිය මගින් පවත්වාගෙන යමින් කළමනාකරණය කිරිමට අපේක්ෂාකොට තිබුණි.
SPC නිලධාරීන් කළ විනාශය…
2017 වර්ෂයේ දි එම පද්ධතිය මුලික රෝහල් දක්වා ව්‍යාප්තකොට තිබුණි. වෛද්‍ය සැපයුම් අංශය මගින් ඒ ඒ වර්ෂයට අදාල ඇණවුම් ලැයිස්තු මාස 11ක සැපයුම් කාලයක් සහිතව මෙකී පරිගණක පද්ධතිය හරහා ශ්‍රි ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත ඉදිරිපත් කරනු ලැබිය. එහෙත් සංස්ථාව විසින් වහාම එම ඇණවුම්වලට අදාල ප්‍රසම්පාදන කටයුතු ආරම්භකොට නොතිබුණි.
ඇනවුම් ලැයිස්තුවේ ඇනවුම්වල ලිඛිත පිටපත් සංස්ථාවේ ආනයන අංශයට එවිමට දින 18කට වඩා වැඩි කාලයක් ගතවි තිබුණි. මේ නිසා මාස 11ක සැපයුම් කාලසිමාවෙන් සැලකිය යුතු කාලයක් ඇණවුම් නිකුත් කිරිමේ හා ඇණවුම් ලබාගැනිමේ ක්‍රියාවලිය සඳහා ගතකර තිබුණි.
ඖෂධ ඇණවුම් කිරීමේ සිට තොග ලැබෙන අවස්ථාව දක්වා එක් එක් පියවර පද්ධතියට ඇතුළත්කර අදාල ඇණවුම් සම්බන්ධ ප්‍රගතිය යාවත්කාලින කිරිමේ පහසුකම් පරිඝණක පද්ධතිය මගින් අදාල ආයතන වෙත ලබාදි තිබුණි. එහෙත් රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ නිලධාරින් විසින් ඇණවුමට අදාල තොරතුරු වසර 07ක කාලයක් තිස්සේ පැවති තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් පද්ධතියට ඇතුළත් කිරීමට කටයුතු කරනොතිබුණි. එහෙත් එම තාක්ෂණික දෝෂය නිවරදිකරගැනීමට ද කටයුතු කර නොතිබු බව විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම වැදගත් ඖෂධයක් ලෙස සැලකෙන ඖෂධ වර්ග 08කට හා අත්‍යවශ්‍ය ඖෂධවලට අදාල ඇණවුම් 90කින් 41කට අදාල ඇණවුම් ලැයිස්තු වර්ෂයේ මුල්මාස දෙක තුළ පරිඝනක පද්ධතිය මගින් ශ්‍රිලංකා රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව වෙත නිකුත්කොට තිබුණි. කෙසේවුවද එම ඇණවුම් ලැයිස්තුවල ලිඛිත පිටපත් රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ ආනයන අංශයට ලැබිමට දින 18ක් හා මාස 06 කාලයක් ගතවි තිබුණි.
වෛද්‍ය සැපයුම් අංශය මගින් ඊළඟ වර්ෂය වෙනුවෙන් ඇණවුම් කරන 13000ක් පමණ වන වෛද්‍ය සැපයිම් අයිතම්වල ප්‍රගතිය අධික්ෂණය කිරීමට වසර ගණනාවක සිට ප්‍රමාණවත් පියවරගෙන නොතිබුණි. වෛද්‍ය සැපයුම් අංශය විසින් මාස 11ක සැපයුම් කාලයක් සහිතව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව වෙත 2021 හා 2022 වර්ෂයන් වෙනුවෙන් ඇණවුම් නිකුත්කොට තිබුණි.
එහෙත් විගණන දිනය වනවිටත් ඇණවුම් 27කට අදාල ප්‍රසම්පාදන කටයුතු අවසන් කිරීමට අදාල නිලධාරින්ට නොහැකිවි තිබුණි.
ප්‍රසම්පාදන කාල සටහන විකල් කිරීම
2021 වර්ෂය සඳහා වැදගත් ඖෂධ වර්ග 11කට අදාලව 2020 වර්ෂයේ දී සහ 2022 වර්ෂය අදාල වැදගත් ඖෂධ 19කට අදාල ඇණවුම් 2021 වර්ෂයේ දි ශ්‍රිලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත නිකුත්කොට තිබුණි. ඉන් ඇණවුම් 04කට අදාල කුඩා තොග ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශය වෙත ලැබි තිබුණි. අනෙක් සියලු ඇණවුම් ප්‍රසම්පාදන ගැටලු හෝ ප්‍රසම්පාදන ප්‍රමාදයන් හේතුවෙන් තොග ලැබි නොතිබුණි.
2020 හා 2021 යන වර්ෂයන් සදහා වෛද්‍ය සැපයුම් අංශය විසින් නිකුත්කොට තිබු ඇතැම් ඇණවුම්වල ප්‍රසම්පාදන කටයුතු සඳහා මාස 12ක් හා 24 කාලයක් ගතකර තිබුණි.
එමෙන්ම ශ්‍රි ලංකා රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව වෙත නිකුත් කරන ඇණවුම්වල ක්‍රියාකාරිත්වය හා ප්‍රගතිය නිරන්තරයෙන් අධික්ෂණය කිරීමේ ක්‍රියාවලියක් පසුගිය වර්ෂ ගණනාවක සිට පවත්වාගෙන ගොස් නොතිබුණි.
ප්‍රසම්පාදන කාලසටහනට අනුව කටයුතු නොකිරිම ඖෂධ හිඟය ඇතිවිමට ප්‍රධාන වශයෙන් හේතුවිය.
2022 වර්ෂයේ මැයි මස 13 වැනිදින වනවිට හඳුනාගෙන තිබු හිඟ ඖෂධ සපයා ගැනීම සඳහා ඉන්දියානු ණය ආධාර ක්‍රමය, ලෝක බැංකු ණය ආධාර ක්‍රමය හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර ක්‍රමය යටතේ ඩොලර් මිලියන 244ක් අනුමත කොට තිබුණි. ඉන්දියානු ණය පහසුකම් යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ මිලදී ගැනිමට නිර්දේශකොට තිබුණි. ඒ සඳහා ලබාදී තිබු ණය ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 200කි.
කෙසේවුවද අප්‍රේල් මස 22වැනි දින වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ උප කමිටුව විසින් ඩොලර් මිලියන 55.5ක පිරිවැය වු වෛද්‍ය සැපයිම් තොග සඳහා පමණක් නිර්දේශ ලබාදි තිබුණි.
වෛද්‍ය සැපයීම් අංශය වෙනුවෙන් ඖෂධ නිකුත්කරනු ලබන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔසුහල් සඳහා වෙන්කළ ණය ආධාර මුදලින් සියයට 91ක් හෙවත් ඩොලර් මිලියන 114.6ක් උපයෝජනය කර නොතිබුණි.