ලලිත් චාමින්ද –
රජයේ රෝහල්වල ඖෂධ හිඟය පෙර තිබු තත්වයටත් වඩා ඉතා දරුණු අයුරින් පවතින බවත් මෙම ගැටලුවට රජය මගින් කඩිනමින් විසදුමක් ලබා නොදුනහොත් මෙම ප්‍රශ්නය මහජනතාව වෙත රැගෙන ගොස් රජයට දැනෙන භාෂාවකින් පිළිතුරු දිමට කටයුතු කරණ බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත් අලුත්ගේ පවසයි.
ඖෂධ හිඟය නිසා රෝගීන්ගේ ශල්‍යකර්ම ප්‍රමාද කිරිමට සිදුවි ඇති බවත් ප්‍රථිකාර ගැනීම සඳහා සායනවලට පැමිණෙන රෝගින් සඳහා ඖෂධ වර්ග පහක් නියමකළහොත් ඉන් වර්ග දෙක තුනක් මුදල් ගෙවා පිටතින් මිලදි ගැනිමට සිදුවි ඇති බවත් රාජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කළේය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ නව භෝජනාගාරය විවෘත කිරිමෙන් පසු මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්වරයා මෙසේද කිවේය.
“මේ ප්‍රශ්නයෙන් ගොඩ එන විදිය ගැන වෘත්තිය සමිතියක් විදියට අපි දස වෑදැරුම් යෝජනාවලියක් ලබාදිලා තියෙනවා. බලධාරින් ඒ පිළිබද අවධානය යොමුකරලා නැහැ. රෝගින්ට දරාගැනිමට නොහැකි අයුරින් ඖෂධ මිල ඉහළ ගොස් තියෙනවා.
“ඖෂධ පිළිබඳ අක්‍රමිකතා හා දුෂණ සම්බන්දයෙන් ඇවිත් තිබෙන චෝදනා අපිට බැහැර කරන්න බැහැ. එළඹෙන 23 වැනිදා මෙම ප්‍රශ්නය මහජනතාව හමුවට අරගෙන යන්න රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස අපි තීන්දු කරලා තියෙනවා. අහිසංක රෝගි ජනතාව තමයි මේ නිසා දැඩි පිඩාවට ලක්වෙන්නේ මේ නිසා අපි බලාපොරොත්තු වෙනවා රජයට දැනෙන භාෂාවකින් මේ පිළිබද දැනුම් දෙන්න. “