ශ්‍රියානි විජේසිංහ –
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ සම්බන්ධයෙන් සිදුකළ විගණන වාර්තාවන්ගේ නිර්දේශයන් ක්‍රියාත්මක නොකරන්නේ නම් කොපමණ විගණන වාර්තාවන් එළිදැක්වූව ද ඉන් පලක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
පසුගිය වසර 5 තුළ සෞඛ්‍ය අමාතයංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිදුවුණ විගණන වාර්තා අධ්‍යනය කිරිමට තාක්ෂණික කමිටුවක් පත්කර එම කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියද එය මෙතෙක් සිදුවී නොමැති බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.
සංගමය මගින් ඉදිරිපත් කළ දසවැදෑරුම් වැඩපිළිවෙළ තුළද මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය එය ගණනකට ගෙන නොමැති බවද හෙතෙම පෙන්වාදේ.