ඖෂධ මිල අඩු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වත්නනට ගිය රැස්වීමක් සඳහා සහභාගී වීම ශ්‍රි ලංකා වෛද්‍ය සංගම් සහ ඊට අනුබද්ධිත විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන සිල්ලම විසින් එක හෙළා ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව වාර්තා වේ.
මේ වනවිට පවතින ප්‍රශ්නය ඖෂධවල මිල වැඩි වීම නොවන බවත් වැඩි මිලට ගැනීමටවත් ඖෂධ නොපවතින බවත් සඳහන් කර ඇති වෛද්‍යවරු සියල්ලට කලින් රජයේ රෝහල්වල පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය වැළැක්වීමට සහ මෙරට ලියාපදිංචි නොකළ අනතුරු දායක ලෙස ඖෂධ ශ්‍රි ලංකාවට ගෙන්වීමේ උත්සාහය නතර කළ යුතු බවට අවධාරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවත්වීමට නියමිතව තිබුණේ පසුගිය පෙබරවාරි පළමු වැනිදාය.
මෙම සාකච්ඡාව සඳහා වෛද්‍ය සංගම් නියෝජිතයන්ට සෞඛ්‍ය ලෙක්මවරයා විසින් හදිසියේ ආරාධනය කරනු ලැබ ඇත. මෙම හදිසි ආරාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ ඊට අනුබද්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම් ලත් එක් එක් විශේෂඥ ක්ෂේත්‍රයට අයත් විද්‍යායතන නිලධාරීන් අනතර්ජාල මාර්ගයෙන් මේ සාකච්ඡාව පිළිබඳව රැස්වීමක් පවත්වා ඇත.
එහිදී බොහෝ වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ ඖෂධ මිල අඩුකිරීමෙන් පමණක් වාසිය අත් වන්නේ පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට පමණක් වන අතර රජයේ රෝහල්වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන්ට කිසිදු ආකාරයක සහනයක් නොසැලසෙන පවයි.
මේ වනවිට ඖෂධ වර්ග විශාල සංඛ්‍යාවක් හිඟව පවතින තත්ත්වයක් තුළ එම ඖෂධ සපයා ගැනිම සඳහා ප්‍රමුඛතාව දිය යුතු බව එහිදී වෛද්‍යවරුන් පෙන්වා දී ඇති අතර කෙහෙළිය රමුක්වැල්ල අමත්‍යවරයා ජනාධිපතිවරයා විසින් දෙනු ලැබ අති උපදෙස්වලට පවා පටහැණිව ගොස් මෙරට ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග 300කට අධික ප්‍රමාණයක් ඉන්දීය සමාගම් දෙකකින් මෙරට පරිහරණය සඳහා ගෙන්වීමට උත්සාහ දැරීම පිළිබඳව දැඩි විවේචන එල්ල කර ඇත.
මෙම සාකච්ඡාවෙන් පසුව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමේ සභාපති වෛද්‍ය වින්යා ආරියරත්න සෞඛ්‍ය ලේකම් එස්.ජේ එස් චන්ද්‍රගුප්තට ලිපියක් ලියමින් පෙන්වාදී ඇත්තේ ඖෂධ මිල වැඩි වීමට මූලික හේතුව ඖෂධ සම්බන්ධයෙන් පවතින බරපතල හිඟය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය කිසිදු ඇගයීමකින් තොරව ඖෂධ රාජ්‍ය අංශය සඳහා මිලයට ගැනීම බව දක්වා ඇත.
ඖෂධ මිල අඩු කිරීම සඳහා කිසිදු යෝජනාවලියක් සකසා නැති පසුබිමක් තුළ මෙවැනි සාකච්ඡාවකට සහභාගී වීමට තමන්ට නොහැකි බව ඔහු සෞඛ්‍ය ලේකම්වරයා වෙත දන්වනු ලැබ ඇත.