බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ මිල අඩු කරන්න හිතන්න පෙර හිඟ ඖෂධ ගෙනත් ඉන්න… විශේෂඥ වෛද්‍යවරු කෙහෙළියට දන්වා ඔහු කැඳවූ රැස්වීම වර්ජනය කරති!

by editor
පෙබරවාරි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඖෂධ මිල අඩු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වත්නනට ගිය රැස්වීමක් සඳහා සහභාගී වීම ශ්‍රි ලංකා වෛද්‍ය සංගම් සහ ඊට අනුබද්ධිත විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන සිල්ලම විසින් එක හෙළා ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව වාර්තා වේ.

මේ වනවිට පවතින ප්‍රශ්නය ඖෂධවල මිල වැඩි වීම නොවන බවත් වැඩි මිලට ගැනීමටවත් ඖෂධ නොපවතින බවත් සඳහන් කර ඇති වෛද්‍යවරු සියල්ලට කලින් රජයේ රෝහල්වල පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය වැළැක්වීමට සහ මෙරට ලියාපදිංචි නොකළ අනතුරු දායක ලෙස ඖෂධ ශ්‍රි ලංකාවට ගෙන්වීමේ උත්සාහය නතර කළ යුතු බවට අවධාරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවත්වීමට නියමිතව තිබුණේ පසුගිය පෙබරවාරි පළමු වැනිදාය.

මෙම සාකච්ඡාව සඳහා වෛද්‍ය සංගම් නියෝජිතයන්ට සෞඛ්‍ය ලෙක්මවරයා විසින් හදිසියේ ආරාධනය කරනු ලැබ ඇත. මෙම හදිසි ආරාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ ඊට අනුබද්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම් ලත් එක් එක් විශේෂඥ ක්ෂේත්‍රයට අයත් විද්‍යායතන නිලධාරීන් අනතර්ජාල මාර්ගයෙන් මේ සාකච්ඡාව පිළිබඳව රැස්වීමක් පවත්වා ඇත.

එහිදී බොහෝ වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ ඖෂධ මිල අඩුකිරීමෙන් පමණක් වාසිය අත් වන්නේ පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට පමණක් වන අතර රජයේ රෝහල්වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන්ට කිසිදු ආකාරයක සහනයක් නොසැලසෙන පවයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ වනවිට ඖෂධ වර්ග විශාල සංඛ්‍යාවක් හිඟව පවතින තත්ත්වයක් තුළ එම ඖෂධ සපයා ගැනිම සඳහා ප්‍රමුඛතාව දිය යුතු බව එහිදී වෛද්‍යවරුන් පෙන්වා දී ඇති අතර කෙහෙළිය රමුක්වැල්ල අමත්‍යවරයා ජනාධිපතිවරයා විසින් දෙනු ලැබ අති උපදෙස්වලට පවා පටහැණිව ගොස් මෙරට ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග 300කට අධික ප්‍රමාණයක් ඉන්දීය සමාගම් දෙකකින් මෙරට පරිහරණය සඳහා ගෙන්වීමට උත්සාහ දැරීම පිළිබඳව දැඩි විවේචන එල්ල කර ඇත.

මෙම සාකච්ඡාවෙන් පසුව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමේ සභාපති වෛද්‍ය වින්යා ආරියරත්න සෞඛ්‍ය ලේකම් එස්.ජේ එස් චන්ද්‍රගුප්තට ලිපියක් ලියමින් පෙන්වාදී ඇත්තේ ඖෂධ මිල වැඩි වීමට මූලික හේතුව ඖෂධ සම්බන්ධයෙන් පවතින බරපතල හිඟය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය කිසිදු ඇගයීමකින් තොරව ඖෂධ රාජ්‍ය අංශය සඳහා මිලයට ගැනීම බව දක්වා ඇත.

ඖෂධ මිල අඩු කිරීම සඳහා කිසිදු යෝජනාවලියක් සකසා නැති පසුබිමක් තුළ මෙවැනි සාකච්ඡාවකට සහභාගී වීමට තමන්ට නොහැකි බව ඔහු සෞඛ්‍ය ලේකම්වරයා වෙත දන්වනු ලැබ ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආරක්ෂක අංශ ඉදිකළ ගොඩනැගිලි සමගම ඉඩම් අක්කර 108ක් පලාලි වැසියන්ට භාර දෙයි!

Next Post

මියන්මාර් ජාතිකයින් 104 මිරිහානෙන් යළිත් යාපනය බන්ධනාගාරයට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.