අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ඖෂධ කොම්පැනි එක්ක රට ගිහින් ආපු සෞඛ්‍ය ඇමති ජනාධිපතිටත් ඉහළින් යයි

by editor
දෙසැම්බර් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීම සඳහා උත්සාහ කරන වෛද්‍ය සැපයුම්කරුවෙකුගේ ආරාධනයකට අනුව ඉන්දියාවේ සංචාරයක නියැළුණු සෞඛ්‍ය  අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ආපසු පැමිණි විගසම ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මුදල් අමාත්‍යවරයා වශයෙන් ඖෂධ ආනයනයේදී අනුගමනය කළ යුතු බවට නියම කරන ලද  උපදෙස් නොසලකා හැර දේශීය ව  ලියාපදිංචිය පවා නොමැති  ඉන්දීය සමාගම් දෙකකට ඉන්දියානු ණය සහනය යටතේ ඖෂධ සැපයීමට අවසථාව සලසා දීමට උත්සාහ දරා  ඇතැයි “ද සන්ඩේ ටයිම්ස්“ පුවත් පත වාර්තා කරයි.

අමාත්‍යවරයා විසින්  ඔහුට තෙදින ඉන්දීය සංචාරයක් සඳහා ආරාධනය කළ සමාගම ඇතුළු සමාගම් දෙකට ජනාධිපතිවරයාගේ උපදෙස් නොතකමින්  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග ලයිස්තුවක් මෙරටට ගෙන්වීම සඳහා අවසරය ලබා දෙන ලෙස ඖෂධ අධිකාරියට ඉල්ලීමක් කර ඇතැයි මෙම පුවත් පත තවදුරටත් අනාවරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මීට පෙර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවකින් ඉල්ලා තිබුණේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ සැපයුම්කරුවන්ට තරඟකාරී ටෙන්ඩර ක්‍රියාවලිය මඟ හරිමින් මෙරට  තෝරාගත් සැපයුම්කරුවන් වෙතින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ අමාත්‍යංශ නිලධාරීන්ට ඉඩකඩ සැලසෙන බව මෙම වාර්තාව මඟින් පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යෝජනාව පිළිබඳ සිය නිරීක්ෂණවලදී උපදෙස් ලබා දුන්නේ යෝජිත සැපයුම්කරු අයාචිත පදනමක් මත තෝරා ගන්නා බැවින් වෛද්‍ය සැපයුම්වල මිල සහ ගුණාත්මකභාවය “වෙළඳපොල මිල ගණන්වලට සහ ඖෂධවල ගුණාත්මක භාවයට සමගාමීව යථාර්ථවාදී සහ සාධාරණ මිලක් ලබා ගැනීම සඳහා” කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව (CANC) හෝ සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව (HSEPC) විසින් සමාලෝචනය කර සාකච්ඡා කළ යුතුය“ යනුවෙනි.

වෛද්‍ය සැපයුම් කොන්ත්‍රාත්තු සඳහා තරඟකාරී ලංසු තැබීමේ මාර්ගයට සහාය වූ   නිර්දේශවලට     අමාත්‍ය  මණ්ඩල  කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනෙකුත් සැපයුම්කරුවන් ඇතුළත් කිරීමට විෂය පථය පුළුල් කිරීමට කැබිනට් මණ්ඩලය ඉඩ දුන්නේ නැත.

එවැනි තත්ත්වයක් තිබියදී සහ අදාළ ඖෂධ වර්ග සැපයිය හැකි ලියාපදිංචි ඖෂධ සහ ඖෂධ සැපයුම්කරුවන් සිටියදී ඔහුට ඉන්දියාවට ආරාධනය කළ සමාගම ඇතුලු සමාගම් දෙකකට මෙලෙස මෙරට ලියාපදිංචි නොකළ ඖෂධ සැපයීමට අමාත්‍යවරයා උත්සාහ ගන්නේ  පවතින අර්බුදකාරී අවස්ථාවෙන් විශේෂ ප්‍රතිලාභයක් යම් යම්  පාර්ශ්වවලට හිමි වන නිසාද යන්න පිළිබඳව මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පුළුල් කතා බහක් නිර්මාණය වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරුණ ඉන්දීය නිළි ටුනීෂා ෂර්මා දර්ශන තලයේ දී  ගෙල වැල ලා ගෙන මිය යයි!

Next Post

මහනුවර දුම්රියපල ජලයෙන් වැසී යයි… නුවරින් අඩක් යටවෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.