බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕස්ට්‍රේලියාවෙන් නව ඩයිනෝසර් විශේෂයක් සොයාගැනේ

by Lanka Sara Editor
ජූනි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නව ඩයිනෝසර් විශේෂයක් සොයාගැනීමට විද්‍යාඥයින් පිරිසක් පසුගියදා සමත්වී තිබෙනවා.

මෙම නව විශේෂය මෙතෙක් ලොව හුමුවූ විශාලතම ඩයිනෝසර් විශේෂයක් බවද එම විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

මෙම නව ඩයිනෝසර් විශේෂය ශාඛ භක්ෂක ඉතා දිග බෙල්ලකට හිමිකම් කියන සෞරපොඩ් පවුලට අයත් ටයිටානෝසර් වර්ගයේ වර්ගයට අයත් බවට පැවසෙනවා.

ඔවුන් ක්‍රිටේෂස් යුගයේ මීට වසර මිලියන 92ත් 96ත් අතර කාලයක මිහිමත ජීවත්වූ බවද පර්යේෂකයින් පවසනවා.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

විද්‍යාඥයින් පවසන අන්දමට මෙම ඩයිනෝසර් විශේෂයේ උකුල ප්‍රදේශය බිම සිට මීටර් 5ත් 6.5ත් අතර උසකින් යුක්තය බවයි.

එසේම වලිගයේ සිට නාසය දක්වා දිග මීටර් 25ත් 30ත් අතර දිගකින් යුක්ත වන බවද විද්‍යාඥයින් පවසනවා. ඒ අනුව මෙම සතෙකුගේ දිග බාස්කට්බෝල් ක්‍රීඩා පිටියකට ආසන්න වෙන අතර සාමාන්‍යයෙන් මහල් දෙකක ගොඩනැගල්ලක උසකින් යුක්ත වෙනවා.

මෙම නව විශේෂයේ විද්‍යාත්මක නාමය Australotitan cooperensis වන අතර එම විශේෂය සදර්න් ටයිටන් ලෙසද හදුන්වනු ලබනවා. ඒ අනුව මේ වන විට ඕස්ටේ්‍රලියාවෙන් හමුවූ විශාලතම ඩයිනෝසර් විශේෂ මෙය බවද විද්‍යාඥයින් සඳහන් කරනවා.

ඒ වගේම දැනට ලොව හමුවූ විශාලතම ඩයිනෝසර් විශේෂ 5න් එක් වර්ගයක් බවද ඔවුන් පෙන්වා දෙනවා. (එක් වාර්තාවක මෙම විශේෂය විශාලාතම ඩයිනෝසර් විශේෂ 15 අතර සිටින බවද සඳහන් විය.)

මෙම නව විශේෂය පිළිබඳ මුලින්ම කරුණු අනාවරණය වන්නේ 2007 වර්ෂයේදී දී කුයින්ස්ලන්ඩ්හිදී කූපර් ක්‍රීක් නමැති ගංඟාවක් අසලින් අස්ථි කිහිපයක් හමුවීමත් සමඟයි.

කූපර් ලෙසින් හැදින්වූ මෙම අස්ථි සම්බන්ධයෙන් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගැනීමට වසර 17ක කාලයක් ගතවී තිබෙනවා.

ඩයිනොසර් අස්ථි වල විශාලත්වය, විලර බව සහ ඒවා ලොව පුරා විවිධ කෞතුකාගාර වල තැන්පත් කර ඇති බැවින් ඒවා එකිනෙක පාදක කරගෙන සන්සන්දනය කර මෙම අධ්‍යනය කිරීමට සිදුවූ බැවින් මෙම නව ඩයිනෝසර් විශේෂය පිළිබඳ කරුනු අනාවරණය කිරීමට විශාල කාලයක් ගතවූ බවද විද්‍යාඥයින් පවසනවා.

කැනීම් වලින් සොයාගත් අස්ථි කුවින්ස්ලන්ඩ් කෞතුකාගාරයේ සහ එරොමන්ගා ස්භාවික කෞතුකාගාරයේ පර්යේෂකයින් එක්ව ත්‍රිමාණ ස්කෑන් යන්ත්‍ර යොදාගන අනෙක් අස්ථි සමඟ සැසදීම් කර තිබෙනවා.

“අපිට මෙම ඩයිනෝසර් විශේෂය අලුතින්ම සොයාගත් විශේෂයක් බවට සනාථ කිරීමට දැනට ඕස්ටේ්‍රලියාවේ හමුවී ඇති ඩයිනෝසර් අස්ථි සහ ලොවපුරා හමුවී ඇති අස්ථි සමඟ සන්සන්දනය කිරීමට සිදුවනා. ඒක් ඇත්තටම විශාල කාලයක් වැයවෙන බැරූරුම් කාර්යක්.” යනුවෙන් කුවින්ස්ලන්ඩ් කෞතුකාගාරයේ පාලක වන ස්කොට් හොක්නල් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

*පසුබිම් කතාව*

2007 වර්ෂයේදී කූවින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ එරොමන්ගා හී රොබින් මැකෙන්සි සහ ස්ටුවර්ඩ් මැකෙන්සි යුවලට අයත් ගොවිපොලේදී ඔවුනේ පුත්‍රයා මෙම විශේෂ සොයාගැනීමක් කරනවා
ඒ මීට පෙර දැක නොතිබුණු විශාල අස්ථි කොටසක් විය. මේ සොයාගැනීම පිළිබඳ මැකෙන්සි යුවල ඒ පිළිබඳ බලධාරීන්ට දැණුම් දෙනවා.

පසුව මෙය ඩයිනෝසර් අස්ථියක් බවට සනාථ කරගැනීමත් සමඟ මේ දෙපල මේ ගැන වැඩිදුරටත් අධ්‍යනය කිරීමට ලාභ නොලබන ආයතනක් වශයෙන් එරොමන්ගා ස්භාවික කෞතුකාගාරය පිහිටුවනු ලබනවා.

පසුව ඔවුන් කුවිනස්ලන්ඩ් කෞතුකාගාරය සමඟ එක්ව කැනීම් ආරම්භ කරනු ලබනවා. එහි නවතම ප්‍රතිඵලය වන්නේ මෙතෙක් ඕස්ටේ්‍රලියාවෙන් හමුවූ විශාලතම ඩයිනෝසර් විශේෂයයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩීසල් ලීටරයක වැඩිවූ මිලට වඩා සිය ගුණයකින් ගොයම් කපන යන්ත්‍රවල කුලිය වැඩි වෙලා…

Next Post

ඉන්දියානු රෝගීන් 16ක් කෝපායි කොරෝනා රෝහලට… කාර්ය මණ්ඩල හා රෝගීන් බියෙන්…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.