දිනසේන රතුගමගේ –
හින්දි භාෂාව පමණක් කතා කළ හැකි ඉන්දීය රෝගීන් 16 දෙනෙකු යාපනයේ කෝපායී ප්‍රදේශයේ පිහිටි කොවිඩ් මර්දන රෝහලට ඇතුළත් කොට තිබීම නිසා එහි කාර්ය මණ්ඩලය දැඩි දුෂ්කරතාවයකට හා බියකට පත්ව සිටිති.
ඉන්දීය කොවිඩ් වසංගත ප්‍රභේදය පැතිර යාමේ අවදානමක් මේ රෝගීන් නිසා ඇති විය හැකි බව කෝපායී කොරෝනා මර්දන රෝහලේ සේවක සේවිකාවන් ප්‍රකාශ කරන අතර මේ ඉන්දීය ජාතික රෝගීන් එක්වරම බස් රථයකින් රැගෙනවිත් රෝහලට ඇතුළත් කොට සිටින බවද කියා සිටියේය.
මෙම රෝගීන්ගේ ලක්ෂණ දෙස බලන විට ඔවුන් කොතැනක හෝ වැඩ බිමක කම්කරුවන් වශයෙන් සේවය කරණ පිරිසක් බව පෙනී යන බවත් මේ ඉන්දීය රෝගීන් නිසා දැනට කෝපායී කොරෝනා මර්දන රෝහලේ ප්‍රතිකාර ලබන සෙසු රෝගින් බියට පත්වී ඇති බවත් එම රෝහලේ සේවකයෝ වැඩිදුරටත් කියා සිටියහ.