සංචාරක වීසා මත ඕමානයට කාන්තාවන් රැගෙන ගොස් එම කාන්තාව ගණිකා සේවයේ යෙදවීම සම්බන්ධව ඍජුව චොදනා එල්ල වී සිටි දඹුල්ලේ පදිංචි ආශා දිසානායක නැමැති කාන්තාව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ඕමාන තානාපති කාර්යාලය ඇතුළු නිලධාරී ජාලයක සම්බන්ධතා සහිතව මෙරට ඒජන්සියක ඕමානයේ සිටින නියෝජිත පිරිසක් එක්ව මෙම මිනිස් ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අයුරු හෙළි වී තිබේ.
දඹුල්ලේ පදිංචිකාරියක්වන ආශා දිසානායක නම් කාන්තාව මෙම මිනිස් වෙළෙඳාමට සෘජුවම සම්බන්ධ වී ඇති බවද විමර්ශන නිලධාරීන් මින් පෙර අනාවරණ කරගෙන තිබිණි.
ඇයව අත්අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළද ඇය සැඟව සිටින බව පොලිසිය පැවසුවේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වී ඇත්තේ මෙම කාන්තාවය.