බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔව්… ආණ්ඩු පක්ෂය බිහිවුනේ පැලවත්තෙන් තමයි… පැලවත්ත පැලවත්ත කියලා අඬන්න එපා…. බිමල් විපක්ෂයට කියයි…

by editor
නොවැම්බර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුව පාලනය වන්නේ පක්ෂයකින්  බවත් ආණ්ඩුව පාලනය කරන පක්ෂය බිහි වන්නේ  පැලවත්තෙන් බැවින් පැලවත්ත පැලවත්ත කියමින් නොහඬන ලෙසත් සභානායක බිමල් රත්නායක අද (14) පාර්ලිමේන්තුවේදී විපක්ෂයට කීවේය.

“ඔයගොල්ලන්ග‍ෙ වගේ ලොක්කන්ගේ ගෙවල්වල අපේ පක්ෂ නෑ. ඔයගොල්ලන්ගේ වගේ ලෝක්කන්ගේ බූදල් වෙලා නෑ අපේ පක්ෂ. ඔයගොල්ලන්ගේ වගේ නෝනලා පක්ෂ පාලනය කරන්නේ නෑ. සමහරු අඬනවනේ නෝනල පක්ෂ පාලනය කරනවා කියලා.” බිමල් රත්නායක පැවසුවේය.

බිමල් රත්නායක මෙසේ ද පැවසුවේය.

අපි ආර්ථික ස්ථාවරභාවය ගෙනත් තියනවා. කිසි කෙනෙකුට ආර්ථිකය අද වැටෙයි අනිද්දා වැටෙයි කියලා ප්‍රශ්නයක් නෑ. ඒ නිසා තමයි වාහන මෙච්චර ගෙනෙන්නේ.  වාහන ගෙනාපු ලයිස්තුව බලනකොට වෛද්‍යවරු නීතීඥවරු ඉන්නවා. ඒ කියන්නේ කුමක්ද ?… ඒ අය ලංකාවෙන් යන්නේ නෑ කියන එක.  ඒ ගොල්ල වාහන ගෙන්වන්නේ ලංකාවෙ ඉන්න. මහා ලොකු සාධකවලින්ම ප්‍රශ්න විවරණය කරගන්න ඕන නෑ.

ප්‍රශ්නයක් ගැන තේරුම් ගන්න උඩ ඉඳල බලලත් පුලුවන්. යට ඉඳලා පහළින්ම බලලත් පුලුවන්.  මම ඇක්සිඩන්ට් ඇකිස්ඩන්ට් එක පාඩම් කරනවා.  එතකොට තමයි තේරෙන්නෙ ප්‍රවාහනේ අර්බුදය. ඕන නම් උඩින් බලල ප්‍රතිපත්ති කියන්න පුලුවන්.     අපි විෂය  ඉගෙන ගන්නවා. අපේ ඇමතිවරු ඕනෑම කෙනෙකුගෙන් කතා කරලා බලන්න.  විෂය ඉගෙන ගෙන බැක් කරන්නේ. එකම දේ අපි දන්න ඔක්කොම කරන්න බෑ. ලංකාව තියන යථාර්ථය ඇතුළෙ කරන්න ඕන.

RelatedPosts

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

දේශපාලන ස්ථාවර භාවය තියනවා. ජනාධිපති තුමාගේ ආණ්ඩුව වැටෙන්නේ නෑ. පළාත් සභා ඡන්දය තියන්න කියනවා. ඡන්දය තියනවා. තියලා බලන්නකො මොකද වෙන්නේ බලන්න. සොරි වෙනවා. පරිදිනවා නැති වෙන්න මතක තියා ගන්න. විපක්ෂ එකතු වෙලා එන්නකො. වෙන වෙනම එන්නකො. උපරිම පරිදිනවා.

අපි සමාජ ස්ථාවර භාවය ඊලඟ.. අපි සමාජ ස්ථාවර භාවය ඇති කරනවා. සමාජ ස්ථාවරභාවය වැඩිපුරම කැඩෙන්නේ ඔය ගැන්සි වලිින්. කප්පම් කල්ලිවලින්. අද පිටකොටුව බස්ටෑන්ඩ් එකේ අවට පවා අද කියනවා කප්පම් ගන්නෙ නෑ කියලා. මත්ද්‍රව්‍ය කල්ලි අපි පාලනය කරගෙන යනවා. ඒ වගේම ලොකු මිනිස්සු කියලා ජාතියක් හිටියා. නීතියට උඩින්. අද ඒ හැම දෙනාම නීතිය යටතට ගෙන්නලා තියනවා.

අපි පක්ෂය ආණ්ඩු පක්ෂය. ආණ්ඩු පක්ෂය කියන පක්ෂයකින් තමයි පාලනය වෙන්නේ. පැලවත්ත පැලවත්ත කියලා අඬන්න දෙයක් නෑ. පැලවත්තෙන් තමයි මේ පක්ෂය බිහි වෙලා තියෙන්නේ.

ඔයගොල්ලන්ග‍ෙ වගේ ලොක්කන්ගේ ගෙවල්වල අපේ පක්ෂ නෑ. ඔයගොල්ලන්ගේ වගේ ලෝක්කන්ගේ බූදල් වෙලා නෑ අපේ පක්ෂ. ඔයගොල්ලන්ගේ වගේ නෝනලා පක්ෂ පාලනය කරන්නේ නෑ. සමහරු අඬනවනේ නෝනල පක්ෂ පාලනය කරනවා කියලා.

අපේ තිබෙන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදී ඉතාම පුළුල් ව්‍යාපාරයක් හදලා තියනවා. එතනින් අපි රටට රටට අදාල කරන මූලික ප්‍රතිපත්ති හදලා තියනවා. ඒ වගේම සාමාජිකයො විදිහට අපව විනය ගරුක කරනවා. අපට මග පෙන්වනවා අපේ පක්ෂය.

ඒ වගේම අපි ඒ පක්ෂයේ තියන සාරය අරගෙන අපි රට පාලනය කරද්දි රට පාලනය කරන්න අපි වෙනත් මූලික උපක්‍රම මූලික නීති රීති පාවිච්චි කරනවා. ජනාධිපති තුමා රටෙත් නායකයා. පක්ෂයෙත් නායකයා.

නමුත් පක්ෂය පාලනය කරන්න තියන සම්මත වෙච්චි නීති රීති අපේ කොමන් කලෙක්ටිව් ලීඩර්ෂිප එක. හැබැයි රට පාලනය කරන්නේ වෙනම. හැබැයි අපට පුලුවන් වෙලා තියනවා විවිධ දේශපාලන අදහස් දරන විවිධ නිලධාරීන්ගෙන් විවිධ පුද්ගලයන් එක්ක වැඩ කරන්න.

අපි අවසාන වශයෙන් අපේ රටේ  ජනතාවට අපි ඉතාම ගරුත්වයෙන් ඔබතුමන්ලාට කියන්න කැමතියි අපි මේ මාතෘ භූමිය සමාජමය වශයෙන් ස්ථාවර කරලා තියනවා.  ඊලඟ අවුරුදු හතර මේ පදනම මත මේ ලංකාව ඉතාම ඉහළ ආර්ථික සමාජ දේශපාලන තැනකට ගේනවා.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඔයගොල්ල නිර්ප්‍රභූ නෙමෙයි…. දැන් නිව් ප්‍රභූ… රනිල්ගේ යළි පුබුදමු ශ්‍රී ලංකා ඒ විදිහටම අරන් ඇවිත් සියලුම ප්‍රභූ වරප්‍රසාද විඳනවා…  මුජිබර් කියයි….

Next Post

විපක්ෂයේ තොන්ඩමන්, දිගම්බරන්, මනෝ ගණේෂන්, රාධා ක්‍රිෂ්නන් ගේ ඡන්දත් සහිතව අයැවැය දෙවන වර කියැවීම වැඩි ඡන්ද 118කින් සම්මත වෙයි…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.