ඔබද පොලිස්පති – ඔහුද පොලිස්පති ! වහාම ශානිට ආරක්ෂාව දෙන්න… ජනපතිගෙන් නියෝගයක්!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට වහාම අවශ්‍ය ආරක්ෂාව දෙන ලස ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නියෝග කරනු ලැබ තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ   විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න   කැඳවනු ලැබිමෙන් පසුව මෙම නියෝගය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය ලබා දුන් නිර්දේශයක් මත    අපරාධ විමර්ශන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර  ඇගයුම් වාර්තාවක් ලබාගැනීමෙන් පසු  ජීවිත තර්ජනයකට ලක් වී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ආරක්ෂාව ලබා දෙන ලෙස පොලිස්පතිවරයා විසින් ලබා දුන් නියෝගය බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පසුගිය දා  ප්‍රතික්ෂේප කර තිබුණු බව මින් පෙර වාර්තා විය.

දේශබන්දු තෙන්නකෝන්ගේ බලපෑම මත ශානි අබේසේකරට ආරක්ෂාව ලබාදීම අතපසු කළ පොලිස්පතිවරයාව ගෙන්වූ ජනාධිපතිවරයා ඔහුට වහාම ආරක්ෂාව ලබා දෙන්නැයි  නියෝග කර ඇති බව සඳහන්ය.


මෑත වකවානුව තුළ  පොලිස්පතිවරයාගේ හැසිරීම බරපතල ලෙස ප්‍රශ්නකාරී බව පොලිස් ආරංචි මාර්ගම හෙළි කරයි.

මේ කතාවත් බලන්න… 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශානිට ආරක්ෂාව දෙන්නැයි පොලිස්පති කියයි… දේශබන්දු බෑ කියයි…

Exit mobile version