කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් ඔක්සිජන්මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාවද ක්‍රමයෙන් වර්ධනය වීමේ බරපතල අවදානමක් මේ වන විටත් රට පුරා නිර්මාණය වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අගවා සිටියි.
සංචරණ සීමාවන් පනවා තිබුණද ඇතැම් පුද්ගලයින්ගේ නොමනා හැසිරීම හේතුවෙන් ඉන්දියාවේ ඇතිවී තිබෙන අවාසනාවන්ත තත්ත්වය මෙරටට මුහුණ දීමට සිදුවනු ඇතැයිද අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදී ඇත.
ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවීම හේතුවෙන් රෝහල්වල සිදුකනර සැලසුම් කළ සැත්කම් හැකිපමණ අවම කර එම රෝගීන් සදහා වෙන්කර තිබෙන පහසුකම් කොවිඩ් රෝගීන් වෙනුවෙන් ලබා දීමට කටයුතු කිරීමට මෙහි දී තීරණය කරන ලදි.
තවද කර්මාන්තශාලාවන් සඳහා නිකුත් කරන ඔක්සිජන් ප්‍රමාණයන් වහාම නතර කර එය කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව සදහා යොමු කිරීමට තීරණය විය.
මීට අමතරව අධිසත්කාර ඇදන් 900ක් පළාත් 9ම රෝහල්වල ස්ථාපිත කිරීමටත් ඒවායේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සඳහා ඔක්සිජන් ජෙනරේටර් ස්ථාපිත කිරිමටත් පියවර ගැනීමට කටයුතු කරනු ඇත.
විනාඩියකට ඔක්සිජන් ලීටර 10ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින මොබයිල් ඔක්සිජන් යන්ත්‍ර 2500ක් මිලදීගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
.