අධික වැසි, ජල ගැලීම් හා නායයාම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් ඇත. 05 දෙනෙක් තුවාල ලබා, 03 දෙනෙක් අතුරුදන් ව තිබේ. පීඩාවට පත් පිරිස 270912ක් දක්වා වැඩි වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. පුද්ගලයන් 32546 දෙනෙක් ආරක්ෂිත ස්ථාන හා නෑදෑ නිවෙස්වල රැඳී සිටී. හානියට පත් නිවාස සංඛ්‍යාව 950 කි.
ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙළිකොප්ටර් යානාවක් අද (06) සවස් වරුවේ මේ මහා ආපදාව නිරීක්ෂණය කළේය. මේ කඩුවෙල, හංවැල්ල, කැලණි ගඟ, ගම්පහ, අත්තනගලුඔය, තිහාරිය, බුලත්සිංහල, මිල්ලකන්ද, කලු ගඟ අවට ගං වතුර තත්වය ගුවන් හමුදාවට නිරීක්ෂණය වූ ආකාරය ය.