දිනසේන රතුගමගේ
අමානුෂීය ලෙස නවක වධය ලබා දීම හා වෙනත් විනය විරෝධී ක්‍රියා වලට සම්බන්ධ වීම හේතුවෙන් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා යාපනය විශ්ව විද්‍යාල සිසුන් 16 දෙනෙකුගේ පන්ති තහනම් කොට තිබේ.
අමානුෂීය ලෙස නවක වධය දීමේ සිද්ධියක් මත තවත් සිසුන් 6 දෙනෙකු සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලය පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර ඔවුන්ද එම ක්‍රියාවට වරදකරුවන් වුවහොත් ඔවුන්ගේද පන්ති තහනම් කරණ බව යාපනය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය සඳහන් කරයි.
පන්ති තහනමට ලක් වූ සිසුන්ගෙන් 8 දෙනෙකුට පමණක් වසර එක බැගින් පන්ති තහනම් කොට ඇති අතර අනෙක් සිසුන් 8 දෙනාට වසරකට වඩා වැඩි කාලයක් පන්ති තහනම් කොට තිබේ.
පන්ති තහනමට ලක් වූ සිසුන්ගෙන් 12 දෙනෙකුට යාපනය විශ්ව විද්‍යාල භූමියම තහනම් කලාපයක් ලෙස නම් කොට තිබේ.