– බී.බී.සී –
ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව “සන්නිවේදන” වෙබ් අඩවියක් දියත් කරනු ලැබ තිබේ. මෙය නම්කර ඇත්තේ “straight from the desk” යනුවෙනි.
පසුගිය ජනවාරි මාසයේ දී වොෂිංටන් නුවර, ‘කැපිටල්’ නමින් හැඳින්වෙන කොංග්‍රස් ගොඩනැගිල්ල අසල ඇතිවූ කැරළි කෝලාහලවලින් අනතුරුව හිටපු ජනාධිපති ට්‍රම්ප්ට, ට්විටර් සමාජ ජාලය තහනම් විය. ඔහුගේ ෆේස්බුක් සහ යූටියුබ් ගිණුම් අවහිර කෙරුණි.
එවක් පටන් ට්‍රම්ප්ගේ ප්‍රකාශ සමාජ ගත කරනු ලැබුවේ මාධ්‍ය නිවේදන වශයෙනි. මින්පසු ඒවා සන්නිවේදනය කරනු ඇත්තේ ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අලුත් වෙබ් අඩවිය හරහාය.
මෙහි පළවන පෝස්ටුවලට ‘Like’ දැමීමේ හැකියාව මෙම වෙබ් අඩවිය පරිශීලනය කරන්නන්ට ලැබේ. එමෙන්ම, ට්විටර් සහ ෆේස්බුක් ඔස්සේ එම පෝස්ටු හුවමාරු කර ගැනීමේ හැකියාව් ද පරිශීලකයන්ට පවතී.