ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ලබන වසරේ පළමු වාරයේ සිට පාසල් වෑන් රථ ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා පාසල් වෑන් රථ ක්‍රියාකරුවන්ගේ සංගමය අද ප්‍රකාශ කළේය.
එහි සභාපති මල්සිරි ද සිල්වා මාධ්‍යයට කියා සිටියේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සේවාව දිගටම කරගෙන යාමට නොහැකි බවයි.
සමස්ථ ලංකා පාසල් වෑන් රථ ක්‍රියාකරුවන්ගේ සංගමය මින් පෙර කියා සිටියේ තම සේවාව පවත්වා ගැනීම සඳහා සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක නොකරන්නේ නම් ප්‍රවාහන ගාස්තුව සියයට විස්සකින් පමණ ඉහළ දැමීමට සිදුවන බවය.







