වර්ෂ 2019 ට අදාලව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් නොගෙවූ හිඟ විදුලි බිල්පතක් පිළිබඳව එම මන්ත්‍රීවරයා දැනුම්වත් නැති බව ඇඟවෙන ලිපියක් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් සංජීව විජේරත්න ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත යොමු කර ඇත.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ ව 2023 අගෝස්තු 02 දිනැති ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත්වූ ලිපියක් උපුටමින් විවේචනාත්මක හා අපහාසාත්මක තොරතුරු සමාජ මාධ්‍ය තුළ මේ වනවිට සංසරණය වෙමින් පවතින බවය.
ලංකා විදුලිබල මණ්ඩලය මගින් එවැනි බිල්පතක් ඉදිරිපත් කර ඇත්නම් එය කාගේ නමින් කුමන දිනයක, කුමන ලිපිනයක් සඳහා යොමු කර ඇත්ද යන වගත්, එම බිල්පතෙහි නිවැරැදි තොරතුරුත් ලබා දෙන ලෙස සම්බන්ධීකරණ ලේකම්වරයා නාමල් රාජපක්ෂ වෙනුවෙන් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.