නාරම්මල දම්පැළැස්ස ප්‍රදේශයේදී ඊයේ (18) පොලිස් අණ නොතකා ධාවනය කල මෝටර් රථයක් නතරකොට පරීක්ෂා කිරීමේ දී පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් ලොරි රථයේ රියදුරා එම ස්ථානයේම මිය යෑමේ සිද්ධියත් සම්බන්ධව නාරම්මල උණුසුම් වී තිබේ.
නාරම්මල පොලීසිය ඉදිරිපිටට පැමිණි විශාල ජනකායක් පොලිසියට විරෝධය දක්වමින් කළහකාරී ලෙස හැසිරීම නිසා තත්ත්වය පාලනය කිරීමට අවට පොලිස් ස්ථාන රැසක පොලිස් නිලධාරීන් එහි කැඳවීමට සිදුවූ බව කුරුණෑගල දිසාව භර නියොජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල පවසයි.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි තීන්තආලේපන කාර්මිකයකු බව වාර්තා වෙයි
සිද්ධියෙන් අනතුරුව සැකපිට නාරම්මල පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙක් අත් අඩංගුවට ගෙන ඇත. මේ පොලිස් පරීක්ෂවරයා වෙඩි තැබූ පසු හැසිරුණ ආකාරයයි.
නාරම්මල ගිරිඋල්ල පාරේ දම්පැළැස්ස ප්‍රදේශයේ මාර්ග බාධකයක් හරහා අණ නොතකා ධාවනය කිරීමෙන් අනතුරුව මෙම වෙඩි තැබීම සිදුවී ඇතත් ලොරි රථය නතර කළ පසු එල්ල වූ වෙඩි පහරකින් පුද්ගලයා මිය යෑම සම්බන්ධව බරපතල ගැටලුවක් ඇති වී තිබේ.
පොලිසිය පවසන්නේ ලොරි රථය පරීක්ෂා කරමින් සිටිය දී පොලිස් නිලධාරියා අතින් වැරදී ගිනි අවිය පත්තු වූ බවය.
සිද්ධිධියෙ පසු කෝපයට පත් ප්‍රදේශවාසිහු විශාල පිරිසක් ඊයේ රත්‍රියේම ධාරාණිපාත වර්ෂාව නොතකා නාරම්මල පොලිසියට ඉදිරි පිටට පැමිණ පොලිසියට විරුද්ධතාවය පළකොට පල කර ඇත.
මේ වනවිට එම පොලිස් වෙඩිතැබීමේ සිද්ධියේදී පොලිස් නිළධාරීන් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට මේ වන විටත් පිටව ගොස් විමර්ශන ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පවසයි.
මියගිය රියදුරුගේ පවුලේ අයවළුන්ට ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් යම් සහනයක් සැලැසීම සම්බන්ධයෙන්ද පොලිස් මූලස්ථානයේ අවධානය මේ වනවිටත් යොමුව තිබේ.
https://www.facebook.com/sinhala.adaderana.lk/videos/1458122231783872