එරොෆ්ලොට් ගුවන් යානයට සම්බන්ධ ගැටලුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රුසියානු බලධාරීන් දැනුම්වත් කර තිබේ.
මෙය පෞද්ගලික නීතිමය ගැටලුවක් මිස රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් හෝ රාජ්‍ය තාන්ත්‍රිකව සිදුවන ක්‍රියාදාමයන්ට අදාල ගැටලුවක් නොවන බව අගමැතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රුසියානු බලධාරීන් දැනුම්වත් කර පවසා ඇති බව එම අමාත්‍යාංශයේ නිලධාරියෙක් අප කළ විමසුමක දී පැවසුවේය.
මෙය අධිකරණමය ගැටලුවක් බැවින් එය හැකි ඉක්මනින් විසඳා ගැනීම පියවර ගන්නා ලෙස තමන් අධිකරණ ඇමතිවරයාට උපදෙස් ලබා දී ඇති බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රුසියානු බලධාරීන් දැනුම්වත් කර තිබේ.