කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ගයන් අද රාත්‍රී 7.30ට විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළදී පැවැත්වීමට නියමිත යැයි සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සදහන් සඳහන් කරයි.
එම රැස්වීම සඳහා ගුවන්තොටුපල නිලධාරීන් සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරීන් හා ආරක්ෂක හමුදා නිලධාරින් සහභාගි වීමට නියමිත ඇති බවද සඳහන් වේ.
සංචාරක ව්‍යාපාරය තුළදී කොවිඩ් මර්දනය සදහා ගතහැකි ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් රට වසා දැමීමේ කිසිදු අදහසක් නොමැති බවත් ඇමතිවරයා අවධාරණය කරයි.
කොවිඩ් මර්දනය සදහා රජයක් ලෙස එන්නත ලබා දීමට කටයුතු කිරීම හා ඒ සම්බන්ධයෙන් ආරක්ෂාකාරී පියවරයන් ගැනීම පමණක් බවත් එන්නත ලබා ගැනීම නීතිගත කිරීම කෙරෙහි රජයේ අවධානය මේ වන විටත් යොමු ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීති ප්‍රතිපාදනයන් සොයා බලමින් සිටින බවද ඇමතිවරයා සදහන් කරයි.
පාසල් වසා දැමීමටද කිසිදු අදහසක් නොකරන බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් පාසල් පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ඇමතිවරයා අවදාරණය කරයි.