කොවිඩ් එන්නත ලබා ගැනීම වහාම නීතිගත කරන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය රජයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
ඔමික්‍රෝන් වයිරසය ආසාදිත වූ කාන්තාව හමුවීමත් සමග එන්නත් ලබා නොගත් පුද්ගලයින් සෙවීමේ විශේෂ මෙහෙයුමක් මේ වන විට ආරම්භ කර ඇති බැවින් එහිදී එන්නත ලබා නොගත් පුද්ගලයින් විශාල පිරිසක් හදුනා ගැනීමට හැකියාව ලැබී ඇතැයි සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි.
නයිජීරියාවේ පැවති සමුළුවකට ගොස් පැමිණි මෙම කාන්තාව සහ ඇගේ ස්වාමියාගේ පවුලේ කිසිවෙකුත් කොවිඩ් එන්නත් ලබා නොගත් අය බව කරන ලද සොයා බැලීම් වලදී අනාවරණය විනැයි හෙතෙම පවසයි.
ඇතැම් පුද්ගලයින් විවිධ ආගමික මතවාදයන් විශ්වාස කරමින් එන්නත ලබා නොගෙන සිටිමට කටයුතු කරන බව පෙන්වාදෙන සභාපතිවරයා මෙවැනි පුද්ගලයින් හේතුවෙන් රටේ අනෙකුත් පුද්ගලයින්ගේ ජීවිත පවා අනතුරකට පත්වෙනු ඇතැයි පෙන්වාදේ.