ශ්‍රියානි විජේසිංහ –
ඖෂධ හා එන්නත්වලින් රෝගීන්ට ඇතිවිය හැකි අසාත්මිකතාවන් සෙවීමේ විශේෂඥ කමිටු වාර්තාව මේ සති අන්තයේදී නිකුත් කිරිමට හැකිවනු ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්යාසහ සෛල ජිව විද්‍යා අංශයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේය.
මෙම වාර්තාව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනට භාරදීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශක් නිකුත් කළ හැකියැයිද හෙතෙම කීවේය.
මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් තොරතුරු රැස් කර ගත් බවත් එම තොරුතුරු අනුසාරයෙන් වාර්තාව සකස් කරමින් පවතින බවත් මහාචාර්ය ජිවන්දර සදහන් කළේය.
පේරාදෙණිය සහ ජාතික අක්ෂිකරෝහලේදී එන්නතක් විසවීමෙන් රෝගීන් දෙදෙනෙකු මිය යෑමේ සිද්ධිය ඇතුළු අසාත්මිකවීමේ සිදුවීම් කීපයක් සම්බන්ධයෙන් ඖෂධයක් හෝ එන්නතක් අසාත්මිකවීමේ හැකියාවක් පවතින්නේද යන්න පිලිබඳව සොයා බැලීමට මහාචාර්ය චන්දිම ජීවන්දර ගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂඥ කමිටුව පත් කරන ලදි.