එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ මේ දක්වා යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකු කොවිඩ් 19 එන්නත ලබාගෙන නොමැති නම් කඩිනමින් තමා සේවය කරන පාසල පිහිටි කලාප කාර්යාලය දැනුවත් කර එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.
පාසල් ආරම්භ කීරීම ඉලක්ක කරගෙන අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා කොවිඩ් 19 එන්නත්කරණය මේ වනවිට පළාත් මට්ටමෙන් ඉතා සාර්ථකව සිදුවෙමින් පවතින බවද එම නිවේදනයේ දක්වා තිබේ.