කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 72, ප්‍රතිකාර ලබමින් සිටි රෝගියක් ප්‍රතිජීවක එන්නතක් දීමෙන් පසුව මරණයට පත්ව ඇතැයි එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
වරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වයස අවුරුදු 50ක පිරිමි පුද්ගලයෙක් මරණයට පත්ව ඇති බවත් ‘ කෝ ඇමොක්සි ක්ලේව්’ නැමැති එන්නත ලබාදීමෙන් පසුව මෙලෙස රෝගියා මියගොස් ඇති බවත් මීට පෙරද මෙම ඖෂධය හේතුවෙන් මරණ කිහිපයක් වාර්තා වී ඇති බවත් ජාතික රෝහල් ආරංචි මාර්ග ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
එසේම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ ආසාත්මිකතාවයක් හේතුවෙන් ඔහු මියගියාද යන්න පිළිබඳව හෙට (27) පරීක්ෂණයක් පවත්වන බවයි.
පරීක්ෂණයක් පවත්වා අවසන් නිගමනයකට එන තුරු අදාළ ඖෂධය රෝගීන්ට ලබාදීම නතර කළ බව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.