බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එදා මං කෑ ගැහුවෙ නැතිනම් අද හාල් කිලෝ එක රුපියල් 350ට වත් නෑ… ඩඩ්ලි පොලොන්නරුවේ දී කියයි…

රටේ මිනිස්සු පාරට වැටෙද්දි වී තොග හංගන මොල් කරුවන්ට නැමෙන කොන්ද නැති පාරිභෝගික නිලධාරීන් ගැන ඩඩ්ලි දුක් වෙයි...

by editor
ජූලි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

තමන් එදා මාධ්‍ය ඉදිරියේ කෑ ගසා පාලන මිල ගැන සටන් නොකළා නම් අද මේ රටේ මිනිස්සුන්ට රුපියල් 350කට හෝ සහල් කිලෝවක් ගන්නට නොලැබෙන බව  අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි   සිරිසේන පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පොලොන්නරුව සුදු අරලිය හෝටලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තවමත් අඩු මිලට ගත් වී තොග සඟවාගෙන සිටින සමහර සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරියේ එකෙක් හෝ තමන්ට ඇති නෛතික බලය ක්‍රියාත්මක  නොකිරිම පිළිබඳව තමන්ට ඇත්තේ දැඩි කණගාටුවක් බව ඔහු පැවසුවේය.   තමන්ගේ වී තොග පවතින තුරු හෝ මේ මිලට සහල් ලබා දෙන බවට ඔහු සහතික වුනේය.

මාධ්‍ය හමුවට එක්වෙමින්…

“පාලන මිලට වැඩිය සහල් ගන්න එපා… මුං එක්ක ගේමම ඉල්ලන්න. අපි එකතුවෙලා සාමුහිකව මේ ප්‍රශ්නයට මුහුණ දෙමු.  මා අද මේ තත්වයෙ ඉන්නෙ ගොවි ජනතාව නිසා. මේ රටේ බත් කන මිනිස්සු නිසා. මේ වගේ වෙලාවක මං කවදාවත් මිනිස්සු අත්හරින්නෙ නෑ. මාධ්‍ය සහෝදරවරු අපේ සටන කරගෙන යන්න උදව් කරන්න“

ඩඩ්ලි සිරිසේන පැවසුවේය. ඔහු මාධ්‍ය හමුව අමතමින් මෙසේ ද කීවේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“මම අපට වි දෙන ගොවියා ආරක්ෂා කරනවා.  ඒ වගේම බත් කන ජනතාවත් ආරක්ෂා කරනවා. ජනතාවට ප්‍රශ්නයක් වූ අවස්ථාවේදී ඒ විදිහට තීන්දු තීරණ ගන්න ඕනේ. “

“ අපි සියල්ලම එකතුවෙලා සැප්තැම්බර් මාසය වන විට අලුතින් වෙළඳපළට එන වී නිෂ්පාදනය සඳහා හොඳ මිලක් නියම කරනවා.    ගොවියාගේ වටිනාකම කවුරු දැන ගත්තත් නැතත් මම ගොවියා වෙනුවෙන් සාධාරණයක් ඉටු කරනවා. ගොවියා සහ පාරිභෝගිකයා නිසාත් තමයි මම මේ තත්ත්වයට ආවෙ. “

“රටේ ජනතාවට හාල් කිලෝ එකක් මිලදී ගන්න බැරි මොහොතක බත් ටිකක් කන්න බැරි මොහොතක හැමෝටම බත් වේලක් කන්න අවස්ථාවක් උදා කරනවා. අපි  කණ්ඩායමක්  වශයෙන් එකතු වෙලා මේ ප්‍රශ්නයට මුහුණ දෙමු කියන කාරණය තමයි අද දවසේ මම විශේෂයෙන් කියන්නේ.

මෙම කන්නයේ වී  අස්වනු වෙළඳපොලට එද්දී වී කිලෝවට රුපියල් එකසිය හැත්තෑ එකක් වගේ මිලක් නියම කරන්න ඉඟියක් ප්‍රකාශ කරනවා. රට කරන 225 ට ම මේ ජනතාව විඳින පීඩා පිළිබඳ මම වරින් වර අදහස් යෝජනා ඉදිරිපත් කළා.  නමුත් එකෙක්වත්  ඇහැක් ඇරලා බැලුවේ නැහැ. මම එදා මාධ්‍ය ඉදිරියේ කෑ ගහලා මේ ප්‍රශ්න කිව්වේ නැත්නම් අද හැමෝටම හාල් කිලෝ එකක් ගන්න වෙන්නේ රුපියල් 350 ක් වගේ මිලකට.

මම ඉල්ලීමක් කරනවා දැනට පොළොන්නරුවේ වී ස්ටොක් අරගෙන තියෙන මෝල්වලට පාරිභෝගිකසේවා අධිකාරියෙන්   ඇවිල්ලා පැනලා මෙව්වා හාල් කරන්න බලපෑම් කරන්න කියලා. මේ වනනතුරු පාරිභෝගික අධිකාරිය  ඇහැක් ඇරලා මේ දිහා බලලා නෑ.

මේ වී මෝල්වල  තියෙන වී ටික හාල් කරලා රටට  යවන්නෙ නැත්තේ  ඇයි කියලා බලන්න එකෙක් නැති නිසා මම හරිම කනණගාටුවෙන් ඉන්නේ.

නමුත් ජනතාවට මම කියන්නේ මේ පාලන මිලට වැඩිය හාල් ගන්න එපා. ගේමම ඉල්ලන්න. නීතිය අතට ගන්න එපා කියලාත් මම කියනවා. ඉදිරි මාස තුන මේ පාලන මිල දිගටම පවත්වාගෙන යන්න විශේෂයෙන් මට මාධ්‍ය උදව් කරන්න කියලත් ඉල්ලීමක් කරනවා. මගෙ ළඟ වී ටික තියෙනකම්  හරි මම මේ සටන දිගටම කරනවා. රට මේ තත්ත්වයෙන් ගොඩ එන තුරා මම   ගොවියන් එක්ක එකතු වෙලා මේ සටන කරලා ජය ගන්නවාමයි.

රටේ ජනතාව බඩගින්න ගැන බය තියා තියාගන්න එපා. හැබැයි පොහොර ටික, ඉන්ධන ටික, තෙල් ටික, අවශ්‍ය වූ උපකරණ ටික, ගොවියාට කලට වෙලාවට සපයන්නේ කියලා රජයෙන් ඉල්ලීමක් කරනවා,

මෙම අවස්ථාවට දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝ සංඝරත්නය,  පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ඇතුළු ගොවිජන  නියෝජිතයින්  කිහිපදෙනකුම එක්ව සිටියහ,

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෛත්‍රී සජිත් විශේෂ හමුවක්…

Next Post

ඝාතනය වුණු ලංකාපුර පරිපාලන නිලධාරිණියගේ සැමියා මාධ්‍යයට කියන “අන්ධ භූත“ කතාව…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.