ලබන 06 වැනිදාට යෙදෙන එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ හය වෙනි මහා සංවත්සරය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම උත්සවය විශාල ජන සහභාගීත්වයක් අපේක්ෂාවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය වෙත රැගෙන ඒමට සංවිධායකවරුන් සැලසුම් කර ඇත.
එදින සවස 2ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහා සම්මේලනයක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතය.
එදින එම අවස්ථාවට එක්වන ලෙස අනෙකුත් සියලුම පක්ෂ වෙත ද විවෘත ආරාධනාවක් කර තිබේ.







