සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එජාපයෙන් අයින්වුණු හේතුව අර්ජුන නුවර ඇවිත් කියයි!

by editor
නොවැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වෙනම පක්ෂයක් හදන්න හෝ පවතින පක්ෂයක් සමඟ එකතු වී දේශපාලනයේ නිරත වීමේ අදහසක් නොමැති බවත් ඒ වෙනුවට රටට අවශ්‍යය නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට උරදී කටයුතු කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග   මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ පැවසුවේය.

පක්ෂ දේශපාලනය තුළ තව දුරටත් සිරනොවී තමන් ස්වාධීනව ඉඳිමින් රට වෙනුවෙන් තම යුතුකම් ඉටු කරන බවද ඔහු පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වීමෙන් පසු අර්ජුන රණතුංග   තම ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම දැනුවත් කිරීම සඳහා අද (30) මහනුවරට පැමිණියේය. මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්ද අස්ගිරි මහ විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබාගතේය.

මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහියෝ මෙසේ පැවසූහ .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ රට ප්‍රශ්න වලින් පිරිලා. ඒ එකකටවත් විසඳුම් නැහැ. අවසානයේ ඔක්කොම බර පැටවෙන්නේ ජනතාව මතටයි. එකක් ඉවර වෙන කොට එකක් ලෙස එන ප්‍රශ්න ඉදිරියේ ජනතාව අසරණ වී සිටිනවා.“

මහ නා හිමිවරුන් බැහැ දැකීමෙන් පසු අර්ජුණ රණතුංග   මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ  පැවසුවේය.

“අද මේ රටට පවතින පක්ෂ දේශපාලනය තුළින් යහපතක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙනත් ක්‍රමයක් අවශ්‍යයි. අපි ගොඩනගන්න උත්සහ කරන්නේ එයයි. ඒ සඳහා පුද්ගලයින් හා කණ්ඩායම් කිහිපයක් සමඟ මා සාකච්ඡා කළා. එජාප පෙරමුණෙන් 2015 ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තු ගියා. යහපාලන ආණ්ඩුවේ අමාත්‍යාංශ තුනක් මට බාර දුන්නා. ඒවා ලාභ ලබන තත්ත්වයට මම ගෙනාවා. රටේ දේපොළ විකුණන්න යත්දී ඒවා බේරා ගත්තා. “

“පසුගිය මහ මැතිවරණයේදී එජාපය පරාජය වීමෙන් පසු සැවොම එකට තියා ගන්න මම ලොකු උත්සහයක් ගත්තා. ඒ වෙලාවේ හැමෝම එකට හිටියා නම් මේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ජනතාවට අවශ්‍යය දේ සිද්ධ වුණු නිසා මම වසර දෙකක් දේශපාලනයෙන් ඉවත් වෙලා ව්‍යාපාර කටයුතු කළා. “

“ආණ්ඩුව පත්වෙලා වසර දෙකක් යන විට රටේ ප්‍රශ්න ගණනාවක් ඇතිව තිබෙනවා. මේවා කොවිඩ් උවදුර නිසාම ඇති වුණා කියන්න බැහැ. එජාපයේ සිටීම පක්ෂයට වගේම මටත් වැඩක් නැහැ කියලා හිතුණ නිසා මම අයින් වුණා. එජාපයේ වෙනසක් ඇති කරන්න ඕන කියලා මම හිතුවා. නායතුමා සමඟත් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙත් මේ ගැන සාකච්ඡා කළා. අවාසනාවකට ඒ දේවල් සිද්ධ වුණේ නැහැ.“

“පක්ෂ දේශපාලනයට මම කැමැති නැහැ. පසුගිය මහ මැතිවරණයේදී වෙනත් කණ්ඩායමක් සමඟ එකතු වුණා නම් මට පහසුවෙන් පාර්ලිමේන්තු යන්න තිබුණා. නමුත් අද මම සතුටු වෙනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න නොලැබුණු එක ගැන. තමන් ගැන නොසිතා රටට ආදරය කරන වංචාව දුෂණය පිටු දකින කණ්ඩායමක් මේ රටේ පාලනයට අවශ්‍යයි. අපි කටයුතු කිරමින් සිටින්නේ එවැනි පිරිසක් ඒකරාශි කිරීමටයි.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

වමත් ඕර්තඩොක් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිම සුන් කරති…

Next Post

අතුරුදහන් වූ පොලිස් සැරයෙන්වරයෙක් සොයා පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ අරඹයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.