අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක නැවක්වත් ෂෙඩුල් කරලා නෑ… මට පෙනෙන්නෙ හිස් මුහුද විතරයි… නව ලිට්‍රෝ සභාපති කියයි…

තවත් දින 14ක් ගෑස් නැතිවෙන බව සභාපති පැහැදිලි කරයි... ඊට මෙපිටින් කෙසේ හෝ තත්ත්වය සමනය කරගැනීමේ උත්සාහයක්....

by editor
ජූනි 15, 2022 - Updated on ජූනි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පැමිණීමට නියමිත ගෑස් නැවෙන් පසු එකම ගෑස් නැවක් හෝ දින වකවානුව අනුව සැලසුම් කර නැති බවත් වගකීම් විරහිත කළමනාකරණය සහිත මේ අර්බුදයේ දී තමන්ට මේ වනවිට පෙනෙන්නේ හිස් මුහුද පමණක් බවත් නව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් අද මාධ්‍යයට පැවසුවේය.

ඔහු කීවේ මේ උග්‍ර ගැටලුවට පිළියම් ලෙස නිසි පරිදි ගෑස් නෞකා ගෙන්වා ගැනීමේ මූලික කටයුතු සම්පාදනයට දෙසතියක් ගතවනු ඇති බවය.

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසුවේය.

“මේ තියන තත්වය අනුව ෂිප්මන්ට් එකක් කියන්නෙ ඉතා සුළු ප්‍රමාණයක්.  ඒ  ප්‍රමාණයෙන්  මේ තියන විශාල අර්බුදය විසඳන්න බැරිවෙන බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. “

“තව විශේෂ කාරණාවක් වෙන්නෙ  මේ නැව ආවට පස්සේ එකම නැවක්වත් ෂෙඩුල් කරලා නෑ. වගකීම් විරහිත භාවයකින් කටයුතු කළ බවක් මට පෙනෙන්නෙ. ගොඩබානකොට සල්ලි දෙන්නම් කියලා නැව්වලට නියමිත දින වකවානු හරි කතා කරගන්න තිබුණා.  එහෙම දෙයක් වත් නෑ.   මට පෙනෙන්නෙ හිස්  මහ මුහුද විතරයි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මම හිතුවා යුතුකමක් වගකීමක් කියලා ඇත්ත තත්ත්වය හෙළි දරවු කරන එක.  සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා දින 14ක කාලයක් යයි කියලා මේ සාකච්ඡාව පවත්වලා කොන්දේසි සම්පූර්ණ කරපු සැපයුම් කරුවගෙ නැව් මෙහෙට ගේන්න. “

“ඒ දින 14ක කාලය තුළ ඒක ගේනකම් ගෑස් නැව් කීපයක් දින කීපයක් තුළ ගෙන්වන්න පුලුවන්ද කියලා අපි බලනවා. ඒකෙ  අමාරු කම දැනගෙනමයි මේක බාර ගත්තෙ.  ගෑස් අර්බුදය විසඳන්න පුලුවන් නායකත්වය ලිට්‍රෝ ගෑස් සමාගමට දෙන්න මට පුලුවන් කියන විශ්වාසය මට තියනවා. “ ඔහු කීවේය.

මේ අතර  දින 06ක් මුහුදේ තිබූ ගෑස් නැවට මුදල් ගෙවා අද ගොඩබෑමට පටන් ගෙන ඇති බවත්  දින 11කට පසු වාණිජ කටයුතු සඳහා පමණක් ගෑස් බෙදා හැරිම අද සිදුකරන බවත් ලිට්‍රෝ සමාගම අද සඳහන් කළේය.

එම ගෑස් තොග ප්‍රධාන වශයෙන් ආදාහනාගාර, ව්‍යාපාරික ස්ථාන සහ රෝහල් සඳහා ලබා දිමට නියමිතව තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආන්දෝලනයට ලක් වූ පොලිස් ලොක්කෙක් සහ ඇමතිවරයෙක් රහස් හමුවක…

Next Post

ගාස්තු සංශෝධනයක් කඩිනමින් අවශ්‍යයයි… දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.