රටේ ආරක්ෂාව භාර ප්‍රබල ඇමතිවරයෙක් සහ ආන්දෝලනයට ලක් වි සිටින පොලිසියේ ඉහළම නිලධාරියෙක් පසුගිය 13 දා හබරාදූවේ සුපිරි විලා එකකට පැමිණ විශේෂ හමුවක් එදින එහි රැය පහන් කර පසු දා උදෑසන පිටවී ගොස් ඇති බව ගාල්ලෙන් ලැබෙන පොලිස් තොරතුරු ලංකාසරට හෙළි කරයි.
සහකාර පොලිස් අධිකාරීවරවෙක් විසින් මෙම අවස්ථාව සම්බන්ධිකරණය කර ඇති බව සඳහන්ය. එම නිලධාරියා දකුණේ සේවය කරන අයෙකි.
පොලිසියටත් වගකීමක් සහිත මෙම ඇමතිවරයාගේ පැමිණිම නිසා දකුණේ පොලිස් ප්‍රධානියෙක් හෝටලයට ආරක්ෂාව සැපයීමට සූදානම් වූවත් එය ප්‍රතික්ෂේපකර ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.