අද (11) පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගය සම්බන්ධව හිටපු ලෝක පූජිත ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින් දෙදෙනෙක් වන සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාර නිවුස් වයර් වෙබ් අඩවිය ඔස්සේ විශේෂ ප්‍රකාශ දෙකක් කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ විශිෂ්ඨත්වය සම්බන්ධව ඔවුන් දෙදෙනා මහත් වූ ප්‍රහර්ෂයට පත් වී සිටිති.
සනත් ජයසූරිය මෙසේ කීවේය.
“ ආසියානු තරගාවලියේ අවසන් මහා තරගයට අප ඇවිත් තියනවා. හිටපු තැන ඉඳලා ඔබ සියලු දෙනාම මේ තැනට ඇවිත් තිබෙන්නේ සෑහෙන ප්‍රමාණයක් වැඩ කරල… “
“මගෙ පුද්ගලික අදහස තමයි අනවශ්‍ය පීඩනයක් ගන්න එපා. ඔබ ක්‍රීඩා කළ විදිහටම ක්‍රීඩා කරන්න. හැම කෙනෙක්ම තමන්ට දෙන්න පුලුවන් සියයට සීයක් දෙන්න. අපට මේ ආසියානු කුසලානය ජයග්‍රහණය කරන්න පුලුවන්.“ සනත් ජයසූරිය කීවේය.
කුමාර් සංගක්කාර දසුන් ඇතුළු කණ්ඩායමට ලබා දුන්නේ හෘදයාංගම පණිවිඩයකි.
දසුන්. මට මේ පණිවිඩය ඔබට සහ ශ්‍රී ලංකා කණ්ඩායමට දෙන්න ලැබීම මා සලකන්නෙ මා ලබපු භාග්‍යයක් විදිහට.
අවසන් මහා තරගයට පැමිණි ඔබ සියලු දෙනාට මා සුබ පතනවා. මා තරගාවලිය ඉතාම සමීපව නිරීක්ෂණය කළා. පසුගිය මාස කීපය තුළ ඔබ ලැබූ ප්‍රගතිය විශිෂ්ටයි. අපි විශිෂ්ට ලෙස ක්‍රීඩා කළා. ඉහළ තලයේ දක්ෂතා ප්‍රකට කළා. ඔබට සහ කණ්ඩායමට සහ ශ්‍රී ලංකාවට ආදරය කරන මා ඇතුළු විශාල පිරිසක් ඔබ සමග ඉන්නවා. මෙතෙක් ඔබකළ හැම දේකටම ස්තුතියි.
තව එක් උත්සායක් දරන්න. උපරිමය කරන්න. ඔබට විශ්මය ජනක දක්ෂතාවයක් සහ හැකියාවක් තියනවා. ඉතාම වැදගත් වෙන්නෙ සියලු දෙනාම කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමයි.
යන්න එතෙන්ට… ගිහින් කුසලානය අරන් එන්න…
එම ප්‍රකාශ මෙසේය…