1989 ජූනි 4 වන දින ටියනන්මෙන් චතුරශ්‍රයේ සිදු වූ උයිගර් ජන සංහාරය, සැමරිම සඳහා සඳුදා, ලන්ඩනයේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් කිහිප දෙනෙකු රැස්ව සිටියහ.
මෙහිදී, 34 වැනි සංවත්සරය සැමරීම සඳහා එක්සත් රාජධානියේ, ලෝක උයිගර් කොංග්‍රසයේ අධ්‍යක්ෂ රහිමා මහමුත් ප්‍රබල දේශනයක් පැවැත්වූ අතර අනතුරුව විරෝධතකාරුවන් චීන රජයට විරුද්ධ පිරිස්, හොංකොං වැසියන් හා ටිබෙට් ජාතිකයින් සමඟ චීන තානාපති කාර්යාලය දෙසට ගමන් කළහ.
“ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සඳහා වන අපගේ අරගලයට එක්සත් රාජධානියේ රජයෙන් හා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඔවුන්ගේ සහය ඉල්ලා සිටිමු..” ‘උයිගර් ජනසංහාරය නවතනු’ යන පිටුවෙන් ට්විටර් පණිවිඩයක් තබමින් පවසා තිබූ බව ‘බිස්නස් වර්ල්ඩ්’ වෙබ් අඩවිය සඳහන් කරයි.
ජනප්‍රිය ප්‍රතිසංස්කරණ ගැති චීන නායක Hu Yaobang ගේ අභාවය සනිටුහන් කිරීම සඳහා 20 වන සියවසේ මුල් භාගයේ සිට බොහෝ ශිෂ්‍ය හා මහජන පෙලපාලි පැවති බීජිං හි Tiananmen චතුරශ්‍රයට චීන සිසුන් එක්රැස් වූ විට 1989 අප්‍රේල් 15 වන දින Tiananmen ගේ පෙළපාලි ආරම්භ විය.
ජූනි 3 සහ 4 යන දිනවල මහජන විමුක්ති හමුදාව ටැංකි සමඟ චතුරශ්‍රයට කඩා වැදුණු අතර, දරුණු මිනිස් පිරිවැයකින් විරෝධතා තලා දැමීය. මියගිය සංඛ්‍යාව පිළිබඳ ඇස්තමේන්තු වෙනස් වේ. චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රකාශ කළේ තුවාල ලැබූ සංඛ්‍යාව 3,000 ඉක්මවූ බවත් එදින රාත්‍රියේ විශ්වවිද්‍යාල සිසුන් 36ක් ඇතුළු 200කට අධික පිරිසක් මිය ගිය බවත්ය