අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්කො අලුතින් පටන් ගනිමු… නැතිනම් මේ මළකුණ වළලා දමමු!

by editor
නොවැම්බර් 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඇත්තටම දැන්නම් දැනෙන්නේ පුදුමාකා විඩාවක් බව කිව යුතුය. බනින්නටවත් හිතට හැඟිමක් නැත.  බංගලියන්ටත් කඩුලු 03කින් පැරදුන පසු  තවත් මොන ක්‍රිකට් දැයි හිතෙන්නේය. එක අතකට ෂකීබ් අල් හසන් අද කළ කුපාඩි වැඩේ නැතිනම් මේ තරම්වත් හිත හදාගන්නට බැරි වෙන බව කිව යුතුය. මැතිව්ස් ටයිම් අවුට් වී දැවී ගියේ නැතිව බැට් කළා කියා ඒ තරම් ලොකු වෙනසක් වෙන්නේ නැති බව මේ රටේ ක්‍රිකට් ලොලීන් දන්නා නමුත් ඔහුව දවා ගත් නින්දා සහගත ආකාරය වේදනාව මේ පරාජයේ රිදුම ටිකක් අඩු කර ඇත. කතාව එයය.

කෙසේ වෙතත් දැන් ලෝක කුසලානය ගැන කතා ඉවරය. පළමු වටයෙන්ම ලෝක කුසලානයෙන් විසිවුන දෙවැනි කණ්ඩායම අපය.

බංගලාදේශයට  අප ලබා දුන්නේ ලකුණු 279ක ඉලක්කයකි. හරියට පන්දු යවා ගන්නට බැරිවුනා නම් හරියට පිටියේ පන්දු රැකීමට නොහැකි වී නම් එය හඹා යෑම මහා අසිරු කටයුත්තක් නොවේ.  බංගලාදේශ කණ්ඩායම එය හඹා ගියේය.

කාසියේ වාසිය දිනුවේ බංගලාදේශ කණ්ඩායමය.  ඔවුහු මුලින්ම පන්දු රැකීම තේරූහ.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 41ක් ලබුවේය. යළිත් වරක් කුසල් ජනිත් හොඳටම ෆේල්ය. ඔහු පන්දු 05ක දි ලකුණු 04කට දැවි ගියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අසලංක ශතකයක්…

.නායකත්වය ලබා ගත් දින සිට අන්දකයිප්පු කෑවක් ලෙස පිටිය මැද පිස්සු කෙළින කුසල් මෙන්ඩිස් ලකුණු 19කට දැවී යන්නේ පන්දු 30කට ආයාසයෙන් මුහුණ දිමෙනි.

සධීර සමරවික්‍රම ලකුණු 41කි. ධනංජය ද සිල්වා ලකුණු 34කි.  මහීෂ් තීක්ෂණ ලකුණු 22කි.

තරගයේ අසහාය පිතිකරණය වාර්තා කළේ චරිත් අසලංකය. චරිත් පන්දු 105ක් තුළ ලකුණු 108ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 02ක් ඇතුළත් විය. ටන්සිම් හසන් ෂකීබ් ලකුණු 80කට කඩුළු 03ක් ලැබුවේය.  ශකීබ් අල් හසන් ලකුණු 57කටත්,  ෂොරිෆුල් ඉස්ලාම් ලකුණ 52කටත් කඩුළු 02ක බැගින් දවා ගත්හ

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි බංගලාදේශ කණඩායමේ ආරම්භක කඩුලු දෙක  වේලාසනින් දවා ගැනීමට ඩිල්ශාන් මධුශංක සමත් වුව ද අනතුරුව ගොඩනැගුන නජ්මුල් හොසයින් සැන්ටොගේ සහ නායක ශකීබ් අල් හසන්ගේ  සම්බන්ධය බිඳ දැමීමට ශ්‍රි ලංකා පන්දු යවන්නෝ අසමත් වූහ.

ඩිල්ශාන් මධුශංක

අවසානයේ දී ලකුනු 82ක් ලබා සිටි ශකීබ් අල් හසන් දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. ඒ වනවිට බංගලාදේශ ලකුණු පුවරුව ලකුණු 210කි. ශකීබ් සහ ෂන්ටෝ අතර ඇති වූ සම්බන්ධතාවය ලකුණු 169කි.

ලෝකයේ වෙලාව අවසන් වීමෙන් දැවි ගිය එකම ක්‍රීඩකයා ලෙස එක් පන්දුවකටවත් පහර දීමට පෙර මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටින්නේ ශකීබ් අල් හසන්ය.  විනිසුරුවරු එම ඉල්ලීම අනුව මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කරන්නේ ක්‍රිකටට් ක්‍රීඩා කරන හැම එකාම මහත්තුරු නොවන බව ලෝකයට පෙන්වා දෙමිනි. තරගය අවසානයේ දි ශකීබ් කීවේ තමන් හිටියේ යුද්ධයක බවය. යුද්ධයේ අරමුණ හොඳින් හෝ නරකින් තමන් ඉදිරියේ ඉන්නා සතුරාව විනාශ කිරීමය. ප්‍රතිවාදී ක්‍රීඩකයෙක් සතුරෙක් ලෙස දකිමින් ක්‍රිඩාව යුද්ධයක් කරගැනීම ක්‍රීඩාවේ අර්ථය ජාත්‍යාන්තරව දූෂණය කිරීමක් බව ඒ අශික්ෂිත පුද්ගලයා තේරුම් අරන් තිබුණේ නැත.

කෙසේ වෙතත් ශකිබ් අල් හසන්ව මැතිව්ස් විසින් නියම ආකාරයෙන් දවා ගත්තේය.

ශකිබ් දවා ගත් මැතිව්ස්…

අනතුරුව ලකුණු  90ක් ලබා සිටි නජිමුල් හොසේන් ෂන්ටොත් දවා ගැනීමට මැතිව්ස් සමත් විය.

මෙපමණ අඩු ඉලක්කයක් ලබා දී තිබිය දීත් ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ලකුණු 23ක් ලබා දි තිබිණි. ඉන් 10ක් වයිඩ්ය.

ලහිරු කුමාර අබාධයකට ලක් කර හෝ ලක්වීමෙන් පසු කණ්ඩායමට ගෙන්වූ දුෂ්මන්ත චමීර මේ තරගයේ දීත් එකම කඩුල්ලක්වත් ලබා ගත්තේ නැත. පන්දු ඕවර 08ක් පමණක් යවා ලකුණු 54ක් දුන්නේය.

ඩිල්ශාන් මධුශංක  ලකුණු 69කට කඩුළු 03ක්, මහීෂ් තීක්ෂණ ලකුණු 44ට කඩුළු 02ක්, ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 35ට කඩුළු 02ක් දවා ගත්හ.

ලෝකයේ පලමු ටයිම් අවුට් දැවී යෑමෙන් පසු….

දැන් මේ කුජීතවීම සම්බන්ධව තවදුරටත් කතා කර තේරුමක් නැත. මේ තරම් කාලකණණි පිරිහීමකට කණ්ඩායම ලක් වි තිබිය දී තමන් නිවැරදි බව කියන්නට   තේරීම් කමිටුවේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රොමේෂ් කළුවිතාරණ සහ හේමන්ත වික්‍රමරත්න   ජනාධිපතිට ලියුම් ලියා තිබෙනු දැක්කෙමු.

මුන් මේ ලියුම් ලියන්නේ ගංජා ගසා ඔල්මොරොන්දන් වී දැයි අප දන්නේ නැත.  තමන් අතින් සිදුවූ වැරැද්දක් පිළිගෙන නිවැරිදි වන්නට තරම් පෞරුෂයක් නැති  ගොබ්බයින් ජාතික ආගම බඳු ක්‍රීඩාවකට කළ විනාශය දැන් අවජාතකය. එය කළ එකෙක් නැත.

අපට යළිත් කියන්නට ඇත්තේ දැන් මේ ක්‍රිකට් ඇති බවය. එක්කො අලුතින් පටන් ගනිමු. නැතිනම් මේ මළ මිනිය වළලා දාමු….

Tags: නවතම
Share69Tweet43
Previous Post

 “නයිපනික්කියන්ගේ”  තුට්ටු දෙකේ කෂඩ ක්‍රිකට්… මුන්ටත් පැරදෙනාව නම් ක්‍රිකට් නවත්වමු!  

Next Post

ක්‍රිකට් අවුල ලිහන්න කැබිනට් මණ්ඩලයෙනුත් අනු කමිටුවක්… සභාපති  විදේශ ඇමති අලි සබ්රි… ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ කමිටුවේ නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.