කීර්ති ප්‍රනාන්දු –
ලබා දෙන වට්ටමින් සියයට 35ක් මාසික පරිහරණ ගාස්තුව සඳහා අයකරගැනීමටත්, එම ගාස්තුව අද (04) ඉන්ධන සඳහා තැන්පත් කරන මුදලින් අයකරගැනීමටත් තෙල් සංස්ථාව ගෙන ඇති අත්තනෝමතික තීරණයට එරෙහිව සංස්ථා පාලිත ඉන්ධන බෙදුම්කරුවන් 172 ම අද දින ඉන්ධන සඳහා මුදල් තැන්පත් නොකළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න පවසයි.
එහෙත් ඛනිජතෙල් සම්බන්ධ සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනයට අවනත වීමක් වශයෙන් හෙට ඉන්ධන සඳහා මුදල් බැඳීම සිද්ධ කරන බව ද ලේකම්වරයා කීවේය.
එදිනදෙනා වියදම් ආවරණය කරගත නොහැකි දැඩි අසීරු තත්ත්වයක සිටියි දී මාසික පරිහරණ ගාස්තුවක් ලෙස ලබා දෙන වට්ටමින් සියයට 35 අයකරගන්නා විට මෙම ව්‍යාපාරය කරන්නේ කෙසේදැයි විමසන බෙදුම්කරුවන්ගේ සංගමය මේ අත්තනෝමතික තීන්දුවට එරෙහිව අඛණ්ඩ විරෝධතාවයක් දක්වනක බවත් එහි ස්වරූපය පිළිබඳ සාකච්ඡා කිරීමට අද සවස සංගමයේ විධායක මණ්ඩලය එක්වන බව බවත් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න කීවේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ඊයේ (30) රාත්‍රියේ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබිණි.