දිනසේන රතුගමගේ
යාපනයේ වැල්වැටිතුරේ ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය නාවික හමුදාව විසින් ඉන්දියාවේ නාගපට්ටන ප්‍රදේශයේදී ඊයේ ( 23 ) අත් අඩංගුවට ගෙන තිබේ.
ධීවරයින් දෙදෙනා මසුන් මැරීම සඳහා ගිය බෝට්ටුව ඉන්දීය මුහුදු සීමාව දෙසට ගමන් කිරීම නිසා ඔවුන් දෙදෙනාව යාත්‍රාව සමග අත් අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලද යාපනයේ ධීවරයින් දෙදෙනාව නාගපට්ටන පොලීසිය වෙත බාර දී ඇත.
මේ අතර බෝට්ටුවේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා ඉන්දීය මුහුදු සීමාවට ගසා ගෙන ගිය බෝට්ටුවේ සිටි යාපනයේ ධීවරයින් දෙදෙනාව විධිමත් පරීක්ෂණයකින් පසුව සිරගත නොකොට නිදහස් මැදිහත් වන මෙන් යාපනයේ එක්සත් ධීවර සමීති සම්මේලනය විසින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කොට ඇත.