තමන් නැවතී නැති බවත් සිදුවන්නේ කුමක්දැයි විනය පරීක්ෂණයකින් අනතුරුව උසාවියට පැමිණි පසු බලාගත හැකි බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
ඔහු කීවේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදුජන පෙරමුණ වෙත “ඉල්ලාගෙන ගියේ “ නැති බවය.
“හැබැයි මට සාමාජික කාර්ඩ්පතක් දුන්නා. කොහෙවත් අත්සන් කරලාවත් නෑ. මං එතනින් නවත්තන්නෙ නෑ. අපි බලමු විනය පරීක්ෂණ තියලා එතන්න එහාට උසාවියට ආවට පස්සෙ මොකද වෙන්නෙ කියලා.“
නෙත් එෆ්එම් ගුවන්විදුලිය සමග සංවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා කීවේය.
“අපි අලුතින් දේශපාලනය කළා නෙමෙයි. අමාත්‍ය මණ්ඩලයේ ඉන්නකොට අමාත්‍ය මණ්ඩලයේ දී කතා කළා. කණ්ඩායම් රැස්වීම්වල දි කතා කළා. 2016 ආණ්ඩුවෙත් අවුරුදු 02යි මාස 04ක් හිටියා. ඒ වෙලාවෙත් අපි කතා කරලා තියනවා. අද ජනතාවට ඇති විශාල ප්‍රශ්න ගණනාවක් සම්බන්ධව ජනතාව පීඩා විඳින හේතු සම්බන්ධව මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නවලට මා විනාඩි බාගයක වගේ කාලයක පිළිතුරක් දුන්නා. එහෙත් ඉන් එහාට ගිය කරුණුත් මේ ඉවත් කිරීම පසුපස තියන බව දැන් පේනවා.“ හිටපු රාජ්‍ය ඇමතිවරයා කීවේය.
මේ ඉවත් කිරීමෙන් පසු අගමැතිවරයා තමන්ට කතා කළ බවත්, මෙවැනි සිද්ධිවලට එතුමා මැදිහත් නොවන බවත් ඔහු කීවේය.
ආණ්ඩුව විවේචනය කළ අනෙක් දේශපාලකයින් පක්ෂ නායකයින් වීමත් තමන් පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් වීමත් මේ තීන්දුව ගන්නට හේතුවන්නට ඇති බව කී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පක්ෂ සාමාජිකත්වයෙන් තමන් ඉවත් කර මන්ත්‍රී ධුරය අහිමි කිරීමේ නීත්‍යානුකූල ඉඩක් පක්ෂයට ඇති බව ද කීවේය.
ඒ සියල්ල උසාවියේ දී විසඳා ගැනීමට බලාපොරොත්තුවන බව කී සුසිල් ප්‍රේමජයන්ත පෙන්වා දුන්නේ ආණ්ඩුව මේ තත්ත්වයට පත් වූයේ සුදුසු පුද්ගලයින් සුදුසු තැන්වල නොසිටි නිසා බවය.