2023 මැයි මස 15 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් කල්දමා තිබේ.
විභාගය මැයි 29 වනදා ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
පසුගියදා පැවැති උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු මේ දක්වා ඇනහිටීම නිසා මෙසේ සාමාන්‍ය පෙළ විභාගය කල්දමා ඇති බව වාර්තා වේ.
මේ වනවිට ගුරුවරුන් උත්තර පත්‍ර පරික්ෂාව සඳහා සිය කැමැත්ත පළ කර සිටිය ද සරසවි ආරචාර්යවරු ස්වකීය වෘත්තීය ක්‍රියාමාර්ගයේ රැඳී සිටිමින් උත්තර පත්‍ර ඇගැයීමට එක් නොවී සිටිති.
බලධාරීන් විසින් පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත මණ්ඩල විසින් ලකුණු ලබාදීමේ පටිපාටිය සකස් කරන තෙක් උත්තර පත්‍ර පරික්ෂාව ආරම්භකිරීමට හැකියාවක් නොමැති බවය.







