බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උරණ වූ කම්කරු ගැහැනියක් පුරාවිද්‍යා දෙපාරත්මේන්තු යූ ටියුබ් චැනලය වනසයි… ඇමතිගෙන් විශේෂ පරීක්ෂණයක්…

by editor
අගෝස්තු 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල යූ ටියුබ් චැනලය කළමනාකරණය කිරීම සඳහා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  පත්කරගෙන සිටි  ඔහුගේ විශේෂ ප්‍රසාදය ලැබූ  කම්කරු කාන්තාව එතැනින් ඉවත් කර එම වගකීමට ආචාර්ය උපාධියක් සහිත වෘත්තිකයෙක් පත් කිරිමත් සමග උරණ වූ  ඇය දෙපාර්තමේන්තු නිල චැනලයේ අන්තර්ගත අතිශය වටිනා වීඩියෝ 126ක් ඇතුලු සමස්ථය මකා දමා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

දෙපාර්තමේන්තුවේ විෂය පිළිබඳ දැනුම සහිත ප්‍රමාණිකයන් සිටිය දී හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම කාන්තාවට දෙපාර්තමේන්තු නිල යූ ටියුබ් චැනලය භාර කර ඇයගේ සොහොයුරා යැයි කියන පුද්ගලයෙක් ලවා එය සකස් කරගන්නට අවසර දී තිබේ.

එම අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්‍රාම ගිය පසු මෙම  වැදගත් වගකීම දෙපාර්තමේන්තුවේ ප්‍රමාණිකයෙකුට පැවරීමත් සමග මේ කාන්තාව උරණ වී ඇත. ඇය සිය සොයුරා  යැයි කී පුද්ගලයා ලවා මුල් කවානුවේ දී විශේෂ දේශන මධ්‍යයේ වේග රිද්ම ගීත  ප්‍රචාරය කරවීම, විකෘති කිරීම වැනි දේ සිදුකරමින් දෙපාර්තමේන්තුවේ ශාස්ත්‍රීය කටයුතුවලට සාහසික ලෙස බාධා පමුණුවමින් සිට ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

වරෙක රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේ දී ත් මෙවැනි විකෘතියක් සිදුවෙද්දී ඒ ගැන ඔහු විමසා ඇති අතර සුලු තාක්ෂණික දෝෂයක් බව පවසා  නිලධාරීන් කිහිප දෙනෙක් සිද්ධිය යට ගසා ඇතැයි වාර්තා වේ.

අනතුරුව වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ සම්බන්ධව විධිමත් තීන්දුවක් ගන්නා ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේම නිලධාරීන් පිරිසක් ඉල්ලීම් කළවිට ඔහු උපදෙස්  දී තිබුණේ මෙය දුර දිග නොයවා වෙන මෙතැනින් මේ සිද්ධිය නිමා කර අලුතින් යූ ටියුබ් චැනලයක් පටන් ගන්නා ලෙසය.

යූ ටියුබ් චැනලයක් නිර්මාණය කිරීමේ දි ඉන් යම් ඉපයීමක් කළ හැකි නිසා ගිනුමක් ඉදිරිපත් කළ යුතු අතර ඒ සඳහා ඉදිරිපත් කර ඇත්තේ මේම කාන්තාවගේ සොයුරා යැයි පවසන පුද්ගලයාගේ පුද්ගලික ගිනුම බව කියැවේ.  දෙපාර්තමේන්තුවේ නමින් ඇති චැනලයේ විකාශය කර ඇති වීඩියෝපටවල අයිතිය සම්බන්ධව ද ගැටලුවක් ඇති අවස්ථාවක වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ කාන්තාව සම්බන්ධ නීතිය ක්‍රියාත්මක  නොකිරීම සම්බන්ධව දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන් දැඩි කලකිරිමකින් පසුවී ඇත.

ආණ්ඩුවේ ඉතා ප්‍රබල අමාත්‍යවරයෙකුගේ හිතවත් කම් ගැන කියා දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනාට බලපෑම් කරමින් සිටින මේ කම්කරු කාන්තාව මීට පෙර පුරාවිද්‍යා ස්ථානවල අනවසර කැණීම් සඳහා ගිය බවට චෝදනා ඇති නමුත් ඒ කිසිම විමර්ශනයක් නිසි ලෙස පැවැත්වී නැති බව ද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

අවසානයේ ඇය  අද  උදෑසන වනවිට දෙපාර්තමේන්තුවේ යූ ටියුබ් නාලිකාවේ පැවති සියලුම වීඩියෝපට මකා දමා තිබේ.

අද (13) මේ  සිද්ධිය සම්බන්ධව ඇමතිවරයාගෙන් විමසූ විට ඇමතිවරයා ප්‍රකාශ කළේ දැනට ලැබුණු තොරතුරු අනුව මේ යූ ටියුබ් චැනලය නිර්මාණය කර ඇත්තේ දෙපාර්තමේන්තුවෙන් පිට පුද්ගලයෙක් බවත් එසේ නිර්මාණය කර ටික කාලයකින් එය මේ කම්කරු කාන්තාවට බාර දී ඇති බවත්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව තමන් විමසූ අවස්ථා කීපයක දී මේ කිසිම නිලධාරියෙක් තමන්ට නිසි පිළිතුරක් ලබා නොදී එකිනෙකාගේ මුහුනෙන් මුහුණ බලාගෙන නිරුත්තරව සිටි බව කීවේය. ඒ අවස්ථාවේදීම මේය පසුපස කුමක් හෝ සැඟවුණු යමක් ඇතැයි තමන් සැක කළ බවත් ඇමතිවරයා පැවසුවේය.

මේ සිද්ධිය පිලිබඳ විධිමත් පූර්ණ පරීක්ෂණයක් සිදුකර සියලුම වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමට කටයුතු කරන බවත් ඇමතිවරයා කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මංගලටත් කොවිඩ්….

Next Post

මේ සංචරණ සීමා නම් වැඩක් නෑ… පී.එච්.අයි මහත්වරු කියති…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.