අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උපන් දිනය දා රන්ජන් අඟුනකොලපැස්ස සිරගෙදර සිට ලියුමකින් රට අමතයි…

by editor
මාර්තු 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
රන්ජන් රාමනායකගේ 58 වැනි උපන්දිනය අදය. වසර 04ක බරපතල වැඩ සහිත සිරකරුවෙක්ව අඟුනකොලපැස්ස හිර ගෙදර සිටන රන්ජන් රාමානය විසින් පල කරන ලද අදහස් දෙවන පාර්ශවයක් ඔහු වෙනුවෙන් ලියා ඔහුගේ ෆේස් බුක් ගිනුමේ පල කර තිබිණි.
තමන් ජීවිතයේ ලැබූ ඒ නිර්දය අත්දැකීම උපේක්ෂාවෙන් ගනිමින් රන්ජන් තැබූ සටහන සම්පූර්ණයෙන් මෙසේය.
2021 මාර්තු 11
අඟුණකොලපැලැස්සේ දී
මගේ ජනතාවනි,
මාර්තු 11.. සරලවම කිව්වොත් මගේ ජීවිතේ මට තියෙන සුවිශේෂිම දවස. මගේ උපන් දිනය. අදට මම අවුරුදු 58ක් සම්පූර්ණ කරනවා. සාමාන්‍ය රජයේ සේවක පුරවැසියෙක් වුණානම් මම මේ වෙද්දි වැඩ කිහිපයක් සැලසුම් කරනවා. එකක් තව අවුරුදු 2කින් එලඹෙන විශ්‍රාම ජීවිතය ගැන කල්පනා කරනවා. නිකන් හරි 55න් විශ්‍රාම ගිහිං තිබුණොත් බැංකු ගිණුමේ ජ්‍යේෂ්ට පුරවැසි ගිණුමේ ෂුවර් නැති පොලිය ගැන කල්පනා කර කර ඉන්න ඉඩ තිබ්බා. මිනිස්සුන්ට හරි අමාරුයි මල්ලි. බැංකු පොතක් තියා බඩට වේලක් නැති කොච්චර මිනිස්සු බඩේ පණුවන්ගේ ගීත ගායනා අහ අහ නින්දට යනවා ඇත්ද…
ගල් බිත්ති 4කට වට වුණු ජිවිතේ පළමුවෙනි උපන් දිනය මේක. ගිය අවුරුද්දේත් එක එක චෝදනා දාලා රිමාන්ඩ් එකට ගිහින් උපන් දිනයට දවස් දෙක තුනකට කලින් තමයි මම ගෙදර ආවේ. ආවට පස්සේ මගේ හිතවත්තු දාපු පාටියත් ලොකු එකක්. මටත් මේ හිර ගෙදර ඇතුලේ පාටි තියෙනවා. කුස්සි පාටි, කම්කරු පාටි… ඒ පාටි නම් මාර්තු 11 කියලා වෙනසක් නෑ. මම හිරේට ආවේ බරපතල වැඩ ඇතුවනේ. දැන් මට කොයි පාටියත් එකයි.
මේ අවුරුදු ගානකටම මම ලස්සන උපන් දින ගොඩක් පහු කළා. විජය මාමා හිටපු කාලේ ගතකරපු දවස් වගේම මගේ අම්මා ජීවත් වෙලා හිටපු කාලේ ගත කරපු උපන් දිනත් මට සුවිශේෂියි. ඒ දවස් වල ෆුල් ටයිම් ප්‍රේමවන්තයෙක් වෙච්ච කාලෙකුත් තිබුණනේ. ඒ කාලේ ඉතිං මාර්තු 11 කියන්නේ මල් වැහි වහින දවසක් මට. මේවා ඔක්කොම මට මේ ලියුමේ ලියන්න අමාරුයි. මම ඒවා වෙනම කාලෙක ලියලා ඔබතුමන්ලාට දෙන්නම්.
හිරේ හිටියත් මාව මාතෘකා වෙන ගොඩක් කතන්දර එලියේ සිද්ද වෙන බව මට ආරංචි වෙනවා. මං වෙනුවෙන් වචනයකින් හරි මහන්සි වෙන ඔයගොල්ලෝ හැමෝටම ස්තූතියි. කරන දෙයක් පරිස්සමෙන් කරන්න. කොරෝනා අනතුරත් තියෙන්නේ අපි ළඟමනේ. මට හිතුණු දෙයක් තමයි එදා ජනවාරි 14 මට තීන්දුව දුන්නේ නැත්තන් අද මගේ මිත්‍රයෝ එක්ක පොඩියට සමරලා, අසරණ පවුල් කිහිපයකට මට හැකි පමණින් උදව්වකුත් කරලම ඇතුලට එන්න තිබ්බා කියලා.
ඒත් දේවල් සිද්ද වුණේ එහෙම නෙවෙයි. එදා මං උසාවි ගියේ නඩුවේ දේවල් කිහිපයක් පැහැදිලි කරගන්න. මගේ නීතිඥයා සුමන්තිරන් මහත්තයාට එදා එන්න විදිහක් තිබුණේ නැහැ. කොරෝනා ගැටලුවක් ඇවිත් එතුමා නිරෝධායනයට ලක් වෙලා තිබුණේ. එතුමාගේ කණිෂ්ට නීතිඥයෝ උසාවියෙන් ඉල්ලීමක් කළා මේ කාරණය සලකලා නඩුවට වෙනත් දිනයක් දෙන්න කියලා. නමුත් වුණේ මොකක්ද? තීන්දුවක් කඩන් පාත් වුණා ක්ෂණිකව. පිටු 21ක තීන්දුවක් විනාඩි 15 කින් ප්‍රකාශයට පත් කළා මට අදහගන්න බැරි වුණා. මං මගේ ජනතාවගෙන් අහන්නේ එක දෙයයි. කාගෙද මේ හස්තය. මම කියන දේවල් පට්ට පල් බොරුයි කියලා ඔයගොල්ලෝ තාමත් විශ්වාස කරනවද?
අධිකරණය කියන්නේ ජනතාවගේ බලයට. ඒ බලය යුක්තිය වෙනුවෙන් පාවිච්චි කරන්නයි අපි අපේ බදු සල්ලි වලින් වැටුප් ගෙවලා ගොඩනැගිලි හදලා උසාවි කියලා ජාතියක් පවත්වාගෙන යන්නේ. අපි උසාවියක් ඇතුලේ ඔළුව නවන්නේ කවුරුහරි පුද්ගලයෙක්ගේ ආශ්චර්යකට නෙවෙයි. ජනතාවගේ උත්තරීතර අධිකරණ බලයට. මගේ ජනතාවට දැන් තේරෙනවා ඇති ඇයි මං මේ විදිහට සටන් කළේ කියලා.
කමක් නැහැ. සටන් කරන්න හැමෝටම බැහැ. මම කාත් කවුරුවත් නැති මිනිහෙක්. තව උපන් දින කිහිපයක් මට ඇතුලේ ඉන්න වෙයි. මගේ නිදහස පතා එලියේ සමහරු වැඩ කරනවා කියලත් ආරංචියි. එහෙම වැඩ කරන අයටයි මං මේ කියන්නේ. ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. අපි එකට පාටි දාලා කෑව බිව්වට වැඩි හරියක් හිතවත්තු, අපේ කලාකාරයො හරි බයයි. ඒ අයට ගෙදර ප්‍රශ්න තියෙනවා. ආදායම් වල ප්‍රශ්න තියෙනවා. බිරිඳ, සැමියා, දරුවොන්ගේ ප්‍රශ්න තියෙනවා. දේශපාලන පක්ෂපාතිකම් තියෙනවා. මම කාත් කවුරුත් නැති එකෙක්. අනික මං 60න් පැන්ෂන් යන්නේ නැහැ. 1963 උපන් බොහෝ දෙනාට වඩා මම ෆිට්. ඒ නිසා පන තියෙනකම් මම මගේ රටේ ජනතා සේවක.
මට දිගට ලියුම් ලියන්න බෑ. එලියට ආවත් අතේ මාංචු. සරම ගැටගහන්නවත් අත හොලවන්න බෑ. පුලුවන් වෙලාවක ආයේ ලියන්නම්. මං එනකන් කෙළින් ඉන්න. අද පාටියක් දාන්න පුළුවන් අය. දුප්පත් මිනිහෙක්ට උදව්වක් කරන්න පුළුවන් අය. එහෙනම් හිනා වෙලා ඉමු මල්ලිලා.
මීට,
රන්ජන් රාමනායක

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

2030 වනවිට බලශක්තිය නිපදවීමට ඩීසල් භාවිතය සම්පූර්ණයෙන්ම නවත්වනවා…

Next Post

එජාපය හැරගිය අය ආපසු ගන්න රහස් සාකච්චා

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.