අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උද්ඝෝෂණ මර්ධනය කරන්න තීන්දු නොදුන් මහේස්ත්‍රාත්වරුන්ගේ වෘත්තීය ජීවිතයටත් කළ බලපෑම් ගැන අනුර පාර්ලිමේන්තුවේ දී අසයි…

by editor
අගෝස්තු 17, 2021
in පුවත්
anura-kumara-dissanayake-in-parliament
Share on FacebookShare on Twitter

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් රටේ සියලුම විනිසුරුවරුන්ගේ පැමිණීම අනිවාර්ය කර යැවූ ලිපියක් හරහා ඔවුන් විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනයට ගෙන්වා අධිකරණ පද්ධතියේ ප්‍රධානම වගකීම දරන්නා ද ඇතුළු දේශකයින් කිහිපදෙනෙකු විසින් පොලීසිය විසින් ඉල්ලා සිටිනු ලබන උද්ඝෝෂණ නැවැත්වීමේ තහනම් නියෝග ලබා දීමට කටයුතු කළ යුතු බවට අවධාරණය ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද ( 17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එසේ තීන්දු ලබා නොදෙන විනිසුරුවරුන්ගේ වෘත්තීය ජීවිතයට බලපෑම් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීම බරපතල තත්වයක් බවත් විධායකයේ අවශ්‍යතාවය අනුව අධිකරණය හැසිරවීම එහි ස්වාධීනත්වයට ඇතිවු විශාල බලපෑමක් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මෙම ප්‍රකාශ කළේ ස්ථාවර නියෝග 27/2 යටතේ සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කරමිනි.

එම ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය.

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් සිදුවීම හේතුවෙන් විනිසුරුවරුන්ට මුහුණ පෑමට සිදුවී ඇති ගැටලුකාරී තත්වයක් පිළිබඳව මෙම සභාවේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි.

විධායකය, ව්‍යවස්ථාදායක හා අධිකරණය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ප්‍රධානම කුළුණු තුනයි. ඒවා සංවරණ හා තුළන මගින් එකිනෙක පාලනය වන බැවින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා වන බවට පොදුවේ පිළිගැනීමක් තිබෙනවා.

කෙසේ වුවද පසුගියදා අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කැඳවන ලද සම්මන්ත්‍රණයකදී විධායකයේ වුවමනාව අනුව පොලීසිය විසින් අධිකරණයෙන් කරනු ලබන ඉල්ලීම්වලදී මහේස්ත්‍රාත්වරුන් විසින් ලබා දුන් තීන්දු පිළිබඳව අදහස් පළ කරනු ලැබ ඇති බවටත් ලබා දිය යුතු තීරණ පිළිබඳව බලපෑම් සිදු වී ඇති බවටත් එයින් අධිකරණයේ ස්වාධීනත්වයට අනිසි බලපෑමක් සිදුවී ඇති බවටත් කරුණු වාර්තා වනවා.

පහුගිය 09 වැනි දා අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම්වරයා වන සංජීව සෝමරත්නගේ අත්සනින් යුතුව 2021.08.13 වන දින පෙ.ව. 9.30 සිට ප.ව. 1.00 දක්වා විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයේ දේශන ශාලාවේදී සියලුම මහේස්ත්‍රාත්වරුන් වෙනුවෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වෙන බවට දැනුම් දී තිබෙනවා.
එසේම ඉහත සම්මන්ත්‍රණය සඳහා සහභාගි වීම අනිවාර්ය බවත් එසේ සහභාගි නොවුණහොත් සේවා උසස්වීම්වලදී, වාර්ෂික වැටුප් වැඩිකිරීම්වලදී, විදේශ පුහුණු කිරීම්වලට තෝරාගැනීමේදී, ඉහළ අධිකරණවලට උසස් කිරිමේදී ඒ පිළිබඳව සැලකිල්ලට ගන්නා බවත් එහි 03වැනි වගන්තිය ලෙස සඳහන් කර තිබෙනවා.
මෙම සම්මන්ත්‍රණයේදී මහේස්ත්‍රාත්වරුන් අපේක්ෂාවෙන් සිටියේ, මෙහිදී කොවිඩ් වසංගත තත්වය මධ්‍යයේ රාජකාරී කිරීමේදී ඇති වී තිබෙන ගැටලුකාරී තත්වය පිළිබඳව සාකච්ඡාවක් සිදු වනු ඇති බවටයි. විශේෂයෙන් එම බාධාකාරී තත්වයන් මඟහරවා ගනිමින් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව උපදෙස් ලැබෙනු ඇති බවටයි.

කෙසේ වුවද වාර්තා වන අන්දමට එම මූලික අරමුණින් වෙනස්ව එහිදී රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලවත් තර්ජනයක් එල්ල වන ආකාරයෙන්ද කරුණු පළ වී ඇති බව දැනගන්නට ලැබෙනවා.

විශේෂයෙන් සෞඛ්‍ය අංශයන්ගෙන් කෙරුණු දැනුවත් කිරීම්වලින් අනතුරුව පසුගිය කාලයේ විවිධ මහජන විරෝධතා අරභයා පොලීසිය විසින් කරන ලද ඉල්ලීම්වලට අදාළව මහේස්ත්‍රාත්වරුන් විසින් ලබා දුන් තීන්දු පිළිබඳව පිළිබඳව සහ එවැනි තීන්දු නිසා ඔවුන්ගේ

වෘත්තීය ජීවිතයට අනිසි බලපෑම් ඇති විය හැකි බවට අදහස් දක්වා තිබෙනවා.

විශේෂයෙන් අධිකරණ පද්ධතියේ ප්‍රධානම වගකීම දරන්නා ද ඇතුළු දේශකයින් කිහිපදෙනෙකු විසින් පොලීසිය විසින් ඉල්ලා සිටිනු ලබන උද්ඝෝෂණ නැවැත්වීමේ තහනම් නියෝග ලබා දීමට කටයුතු කළ යුතු බවට අවධාරණය කොට තිබෙනවා. එහිදී ඒ වෙනුවෙන් ව්‍යවස්ථාව තුළ අඩංගු විවිධ වගන්ති උපයෝගී කර ගත හැකි බව දන්වා තිබෙනවා. එසේම මෙතක් ලබා දී ඇති තීන්දු වැරදි සහගත බව ඒත්තු ගැන්වීමට උත්සාහ දරනු ලැබ තිබෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාවට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුට හෝ පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ ස්වාධීන තීන්දු ගැනීමේ අයිතියට බලපෑම් සිදු කළ නොහැකියි. එසේම එම තීන්දු ගැනීම තුළ වෘත්තීය ජීවිතයට බලපෑම් එල්ල වීමට ඉඩ ඇති බවට අනියම් තර්ජනයක් සිදු කළ නොහැකියි. අවම වශයෙන් දුරකතනයෙන් හෝ ලිපියක් මගින් හෝ පවතින නඩු සම්බන්ධයෙන් කිසිම ආකාරයක බලපෑමක් පහළ අධිකරණයක විනිශ්චයකාරවරුන් වෙත සිදුකළ නොහැකි බවත් එය සෘජුව අධිකරණයේ ස්වාධීනතාවයට අතපෙවීමක් බවත් සැලකෙනවා.

මෙම තත්වය තුළ සම්න්ත්‍රණයේදී පළ කරන ලද අදහස් සහ විශේෂයෙන් විධායකයේ ඉල්ලීම්වලට අනුගත වන ලෙසට කරන ලද ඉල්ලීම හුදු සමස්ත රටේම මහේස්ත්‍රාත්වරුන්ට සිදු කළ බලපෑමක් පමණක් නොවෙයි. එය රටේ අධිකරණයේ ස්වාධීනත්වය කෙළෙසා දැමීමක් මෙන්ම ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කරන ලද අනියම් තර්ජනයක්ද වනවා. මේ අනුව අධිකරණ සේවා කොමිසම විසින් සිදු කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය රකින අධිකරණයේ ස්වාධීනත්වය නැමති කුළුණ තමා විසින්ම කඩාබිඳ දමා විධායකයට අවශ්‍ය පරිදි අධිකරණය සකස් කිරීමට උත්සාහ දැරීමක්.

මෙම තත්වය තුළ මතුවන පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

01. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මහේස්ත්‍රාත්වරුන් වෙනුවෙන් පවත්වන ලද සම්මන්ත්‍රණයේදී පසුගිය කාලයේ ඔවුන් විසින් ලබාදුන් තීන්දු පිළිබඳව සහ පොලීසිය විසින් තහනම් නියෝග ලබා දීමේදී ක්‍රියා කළ යුතු අන්දම පිළිබඳව අදහස් දක්වීමට හේතු කවරේද?

02. මෙම අදහස් දැක්වීම් පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ තීරණවලට බලපෑම් සිදු කළ නොහැකි බවට වන පිළිගැනීම උල්ලංඝනය කිරීමක් වන බව පිළිගනු ලබන්නේද?

03. පොලීසියේ ඉල්ලීම් අනුව තහනම් නියෝග ලබාදීමට බලපෑම් කිරීම ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කරන ලද අනියම් තර්ජනයක් බව පිළිගනු ලබන්නේද?

04. අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා විසින් මහේස්ත්‍රාත්වරුන් අමතා යවන ලද ඉහත සඳහන් ලිපියේ 03 වැනි වගන්තිය අධිකරණ සේවා කොමිසන් සභාවේ බලතල හා ගැටෙන බව පිළිගනු ලබන්නේද?

05. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විධායකයට අනුගත වන ලෙසට මහේස්ත්‍රාත්වරුන්ට සිදු කර ඇති මෙම බලපෑම් සහගත සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද?

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොරෝනා පාලනයට අසමත් වූ මැලේසියානු ආණ්ඩුව ඉල්ලා අස්වෙයි

Next Post

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ නව විකෘති ප්‍රභේද තුනක් ලංකාවේ….

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.