අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිගන්නා බවත් සාමකාමීව විරෝධය ප්‍රකාශ කළ හැකි බවත්, එසේ වුව ද උද්ඝෝෂණ මාර්ගයෙන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරනවා නම් ඒ සම්බන්ධව තදින් ක්‍රියා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂයට අනතුරු ඇඟෙව්වේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) පාර්ලිමේන්තුවේ දී රටේ ආර්ථිකය සම්බන්ධ දීර්ඝ පැහැදිලි කිරීමක් කිරීමෙන් අනතුරුව සිය අදහස් දැක්වීම නිමා කරමිනි.
පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට ගෞරවණීය ස්තුතිය පුද කරමින් ජනාධිපතිවරය පැවසුවේ ජූලි 09 මේ රට කඩාගෙන වැටුනේ නම් අද රටේ මේ තත්ත්වය නැති බවය. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ගත් පියවර නිසා අද ඉන්ධන තෙල් විදුලිබලය ඇති බව කී ජනාධිපතිවරයා වැඩිකල් නොගොස් ඩොලර් තිබෙන බවත් පැවසීය.
ආර්ථිය ශක්තිමත් වූ පසු ලබන ජූනි පමණ ජනාධිපතිවරණයක් හෝ මහ ඡන්දයක් පැවැත්විය හැකි බව කී ජනාධිපතිවරයා ඉඟි කළේ පළාත් පාලන මැතිවරණය නොපැත්වෙන බවය. එහෙත් මේ වැඩපිළිවෙළ සඳහා එක් වි රට ගොඩ දැමීමට එකතුවන ලෙස ඔහු විපක්ෂයට ආරාධනා කළේය.
මේ වනවිට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග කරන සංකීර්ණ ගනුදෙනුවේ අවසන් කොටසත් නිමා කළ බව කී ජනාධිපතිවරයා මේ ගනුදෙනුවේ රජය පාර්ශවයේ යුතුකම ඉටු කළ බවත් මේ පියවර නොගෙන සිටිය නොහැකි බවත් දුෂ්කර ජීවිතයක් ගතකිරිමට සිදුවූ ජනතාවගෙන් රජය ලෙස සමාව ගන්නා බවත් පැවසුවේය.
“අයිඑම්එෆ් එකඟත්වය ආවට පස්සේ සභාගත කරලා යෝජනාවක් ගේනවා ඒක පිළිගන්න කියලා. නැතිනම් විකල්පයක් දෙන්න. අනතුරුව දීර්ඝ මධ්‍ය කාලීන කෙටි කාලීන වැඩසටහන් හදාගෙන ඉදිරියට යමු. ”
ජනාධිපතිවරයා කීවේය.