අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් පාර්ලිමේන්තුව අවට කෙරෙන උද්ඝෝෂණ වැලැක්වීම සඳහා මේ වනවිටත් පාර්ලිමේන්තුවට ප්‍රවේශයට ඇති සියලු මාවත් පොලිසිය විසින් වසා දමමින් සිටී.
ඊයේ වසා දැමූ පාරවල් වලට අමතරව ප්‍රධාන මාවත් මේ අයුරින් ස්ථාවර බාධක යොදාගෙන වසා දැමීමට පොලිසිය කටයුතු කරමින් ඇත.
මේ වනවිට බත්තරමුල්ල අපේගම පරිශ්‍රය කිට්ටුවත්, ජපන් මිත්‍රත්ව පාලම අසලත් මෙම බාධක ඉදිවී ඇත. මේ වනවිට ශිෂ්‍ය පාගමන ආරම්භ වී හයිලෙවල් මාර්ගය ඔස්සේ ඉදිරියට එමින් ඇත.
නෑ… නෑ… උත්තර නෑ… එකෙකුටවත් උත්තර නෑ…
පාර්ලිමේන්තු ඌරු කොටුවෙ එකෙකුටවත් උත්තර නෑ…. සටන් පාඨ ඇසෙමින් ඇත.
![](http://lankasara.com/wp-content/uploads/2022/05/Untitled-5.jpg)
මේ දැක්වෙන්නේ පොලිසිය බත්තරමුල්ල අවට මාර්ග අවහිර කරන ආකාරයයි.