දිනසේන රතුගමගේ –
කිළිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අභිජනනය කරක චීන සමාගම විසින් පරන්තන් රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසල අලුත්වැඩියා කිරීමට ගෙන ඇති තීරණයට පළාතේ ජනතාවගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.
ඔවුන් ප්‍රකාශ කරන්නේ එම සමාගමට එරෙහිව කිළිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ ජනතාව විසින් දියත් කරණු ලබන විරෝධතාවලින් බේරීම සඳහා ඔවුන් පළාතේ ප්‍රජා සංවර්ධන කටයුතුවලට දායක වන බවයි.
අදාල සමාගමේ චීන හා දේශීය නියෝජිතයින් පිරිසක් පුනරීන් ග්‍රාම සංවර්ධන සමීතියේ නිලධාරීන් හමු වී මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා ඇතත් ඔවුන් ඊට අකැමැත්ත පල කොට තිබේ.
මේ අතර පුනරීන් ධීවර සමීති සමූහයද මෙම චීන සමාගමේ කටයුතුවලට විරෝධය පල කොට තිබේ.
ඔවුන් ප්‍රකාශ කරන්නේ මේ මධ්‍යස්ථානය අතහැර ගොස් සිටි චීන ජාතිකයින් යළිත් එම ස්ථානයට පැමිණ සිටින බවයි.