දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් යාපනයේ සෙසු වෘත්තීය සමීති ඒකාබද්ධ කොට දකුණේ අරගල වලට සහය දීමට ඊයේ (29) තීරණය කොට තිබේ.
ලංකා ගුරු සංගමයේ ජෝෂප් ස්ටාර්ලින් ඇතුලු පිරිසක් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හා වෘත්තීය සංගම් සමග කරණ ලද සාකච්ඡාවකින් පසුව යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මේ තීරණය ගෙන තිබේ.
උතුරේ සහ දකුණේ ජනතාවට හා ශිෂ්‍යයින්ට මුහුණ දීමට ඇති ප්‍රශ්න හා ගැටලු වලට විසඳුම් ලබා ගැනීමට යාම තනිව හා බෙදී වෙන්ව කළ නොහැකි නිසා උතුරේ සහ නැගෙනහිර පළාත්වල සහය දකුණේ අරගලවලට ලබා දීමටත් උතුරේ ප්‍රශ්න වලදී දකුණේ අරගලකරුවනේ සහය ලබා ගැනීමටත් මෙහිදී තීරණය වී ඇත.