අනුරාධපුර දයාරත්න ඇඹෝගම –
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සිය බලතල අවභාවිත කරමින් බිරිඳගේ නමට අනුරාදපුර වැව් රක්ෂිතයකට මායිම්ව පිහිටි පර්චස් 80ක ඉඩමක් අත්පත්කරගෙන ඇතැයි වාර්තා වේ.
අනුරාධපුරය නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටුකැලියාව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගල්කඩවල මහිලා මාවතේ මෙම ඉඩම පිහිටා තිබේ. පර්චස් 60ක කෘෂිකාර්මික ඉඩම් කොටසක් සහ පර්චස් 20ක නේවාසික ඉඩම් කැබැල්ලක් ලෙස එම ඉඩම ආණ්ඩුකාරවරයාගේ බිරිඳ වන අජන්තා රූපසාරී හේරත්ට දීර්ඝකාලීන බදු පදනමට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පවරා දී තිබේ.
ආණ්ඩුකාර මහීපාල හේරත් සැලසුම් සහගත ආකාරයට වටිනා ඉඩම පවරාගෙන ඇතැයිද ඒ ආසන්නයේ ඇති අක්කර තුනක වැව් රක්ෂිතය අත්පත් කර ගැනීම ඔහුගේ මීළඟ ඉලක්කය විය හැකි යැයි ද අපි පුරවැසියෝ ” සංවිධානයේ කැඳවුරුකරු ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසීය.
මෙම නීති විරෝධි ඉඩම් ගනුදෙනුවට එරෙහිව නඩු පවරන බවද ප්‍රියන්ත ප්‍රනාන්දු කීවේය.
උතුරු මැද පළාතේ උපන් බිම් අඟලක්වත් නැති විශාල පිරිසක් සිටියදී දේශපාලනඥයන් මෙම ඉඩම් අත්පත් කර ගැනීම කාලයක සිට සිදුවන බවද ඔහු පැවසීය. අනුරාධපුරය මධ්‍ය මනුවර පිළිබඳව ගම් පළාත් ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී. සේනාරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ කීය.
‘පසුගිය කාලයේ මධ්‍යම නුවරගම් පළාත් ඉඩම් කච්චේරියක් තිබුණා. එම ඉඩම් කච්චේරියට මාගේ මතකයේ විදියට තුන්සීයකට අධික පිරිසක් සහභාගි වුණා. මේ කියන ඉඩමටත් කාන්තාවක් බලපත්‍ර ලබා දෙන ලෙස ඉල්ලා ඉඩම් කච්චේරියට ඉල්ලීමක් කර තිබුණා. පසුව තමයි ඇය ආණ්ඩුකාරවරයාගේ බිරිඳ බවට හඳුනාගත්තේ.
යම් කිසි පුද්ගලයකු විසින් දීර්ඝ කාලයක් තිස්සේ සංවර්ධනය කළ මෙම ඉඩම් කොටස් දෙක නිත්‍යානුකූල නොවන ආකාරයට ආණ්ඩුකාරතුමාගේ මහත්මියට විකුණා තිබෙනවා. ඒ සඳහා බලපත්‍රයක් ඉල්ලා තමයි ඉඩම් කච්චේරියට ඇවිත් තිබෙන්නේ. කිසියම් පුද්ගලයකු රජයේ ඉඩමක් සංවර්ධනය කරලා තියෙනවා නම් කච්චේරියට පැමිණ ඒ සඳහා බල පත්‍රයක් ඉල්ලා සිටිනවා නම් රජයේ එම ඉඩම බදු දෙන්න පුළුවන්.
ආණ්ඩුකාරවරයකුගේ කෙනකුට රජයේ ඉඩමක් බදු දෙන්න බැහැ කියල තියනවා නම් එතන පොඩි පටලැවිල්ලක් තියෙන්න පුළුවන්. මම දන්න තරමින් නම් එහෙම නීතියක් නෑ. බදු ගොනුව හදාගන්නත් අදාළ බදු මුදල් රජයට අය කරගෙන එම ඉඩම් කොටස් දෙක ආණ්ඩුකාරවරයාගේ බිරිඳට දිගුකාලීනව බදු පදනම ලබා දෙන්නත් ඉඩම් කච්චේරියෙන් අනුමත කර තිබෙනවා. මේ සඳහා පළාත් ඉඩම් කොමසාරිස්වරයාගෙත් අනුමැතිය ලැබී තිබෙනවා යැයිද ප්‍රාෙද්ශීය ලේකම්වරයා පැවසීය.
ලංකාදීප