දිනසේන රතුගමගේ –
උතුරු ප්‍රදේශය තුළ අලුතින් කොවිඩ් රෝහල් හතරක් පිහිටුවීමේ වැඩ පිළිවෙළ වෙනස් කොට එම සංඛ්‍යාව හතක් දක්වා වැඩි කිරීමට උතුරේ සෞඛ්‍ය බලධාරීන් හා යුද හමුදාව ඊයේ ( 9 ) තීරණය කොට තිබේ.
ඒ අනුව යාපනයේ පමණක් අලුතෙන් කොරෝනා රෝහල් තුනක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත.
යාපනය වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ පිහිටි රජයේ ආහාර ගබඩාවද යාපනයේ තාක්ෂණ විද්‍යාලයද වාසවිලාන් හා නාවක්කුලි ප්‍රදේශයේ පිහිටි තවත් ගොඩනැගිලි දෙකක්ද අලුතින් කොරෝනා රෝහල් පිහිටුවීම සදහා තෝරා ගෙන තිබේ.
වවුනියාව මන්නාරම හා කිළිනොච්චි ප්‍රදේශ වල එක් රෝහල බැගින් පිහිටුවනු ලබන අතර උතුරේ පිහිටුවනු ලබන කොවිඩ් රෝහල් හතරක වැඩ කටයුතු දැනටමත් ආරම්භ කොට ඇත.