දිනසේන රතුගමගේ –
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකි වන පරිදි අළුතින් රෝහල් හතරක් උතුරු පළාතේ පිහිටුවීමට සෞඛ්‍ය බලධාරීන් හා යුද හමුදාව පියවර ගෙන තිබේ.
ඒ අනුව යාපනය වවුනියාව කිළිනොච්චිය හා මන්නාරම යන පළාත් වල එම රෝහල් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ.
වවුනියාව ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිකෙරෙන රෝහල ඇඳන් 1000 කින් සමන්විත වන අතර තවත් එවැනිම රෝහලක් කිළිනොච්චියේ මලයාලපුරම් යුද හමුදා රෝහල තුළ පිහිටුවනු ලබයි.
යාපනය කෝපායී ප්‍රදේශයේද මන්නාරම නගරයේද තවත් රෝහල් දෙකක් පිහිටුවීමේ කටයුතු ආරම්භ කොට තිබේ.