සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊළග අගමැති තෝරා ගන්නා හැටි  ජනමාධ්‍ය ඇමති කියයි !

by editor
මැයි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වර්තමාන අග්‍රාමාත්‍යවරයා  ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසුව බිහි වීමට නියමිත එකමුතු ආණ්ඩුවේ නව අගමැතිවරයා බවට පත් වන්නේ ජනාධිපතිවරයා විශ්වාස කරන ආකාරයට පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය දිනා ගත හැකි පුද්ගලයා බවත් මේ පිළිබඳ ව තීරණය ජනාධිපතිවරයා විසින් ගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය වන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු  සෙසු සියලු පක්ෂ සමඟත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවත් ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ රට මුහුණ දී සිටින අභියෝග ජය ගැනීමට හැකියාව ඇති කණ්ඩායමකට ජනාධිපතිවරයා විසින් කරන ලද ආරාධනයට අනුව එම කටයුත්ත සිදු කිරීමේ පහසුම ක්‍රමවේදය වන්නේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම බවත් මේ කටයුත්ත පිළිබඳව හෙට දිනයේ හෝ නුදුරු දිනයකදී අගමැතිවරයාම විසින්ම  සිය තීන්දුව ප්‍රකාශ කරනු ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා විශේෂ ප්‍රකාශයක් කරමින් පෙන්වා දෙයි.

මෙම තීරණය ගන්නා ලද්දේ පෙරේදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී බවත් ඇතැමකු එය ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට ඉවත් වන ලෙස ඉල්ලා සිටි බවට වැරදි අර්ථකථනයක් ලබා දීමට උත්සාහ ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව සියලු පක්ෂවල සහභාගීත්වය සහිත එකමුතු ආණ්ඩුයක් නිර්මාණය  කිරීමට කටයුතු  කරනු ඇති බවද ඔහු පවසයි.

“ ආණ්ඩුව වෙනස් කිරීම සහ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ ව්‍යවස්ථානුකූල පහසුම ක්‍රමවේදය අගමැතිවරයා ඉල්ලා අස්වීමයි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ මේ කාරණයෙන් පසුව මොකක්ද කරන්නේ? “

“ජනාධිපතිවරයා දැනටමත්  පාර්ලිමේන්තුවේ සියලුම පකෂ සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. එකමුතු ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගන්නවා. අපේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා හිතන ආකාරයට පාර්ලිමේන්තුවට වැඩි විශ්වාසයක් දිනා ගත හැකි පුද්ගලයකු පත් කිරීමට අවසාන තීන්දුව ගන්නේ සියලුම පකෂ සකච්ඡා කිරීමෙන් පසුවයි.  මේ තීන්දුව ගන්නේ විශේෂයෙන් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් සහිත පොදුජන පෙරමුණ සමඟද සාකච්ඡා කිරීමෙන්  පසුවයි. මේ තීරණය  රට වෙනුවෙන් ගන්න එකක්. “

“පක්ෂයකට බලය ලබා ගන්නවා වෙනුවට නීතීඥ සංගමයත් යෝජනා කළ ආකාරයට  යම් කාල සීමාවක් එකඟ වී කළ යුතු වෙනස්කම් සිදුකර ජනතාව ඉල්ලන ආකාරයට  බහුතරය ඉල්ලන විදිහට මේ දේ කරන්න ඕන. ජනතාවට ඉල්ලා ප්‍රශ්න විසඳිය හැකි,  මේ වෙලාවේ මේ ගැටුමෙන් ගොඩ එන්නට නම් ශක්තිමක් රජයක් හැදිය යුතුයි. ඊට පක්ෂ බහුතරයක සහය ලැබෙනවා නම් හොඳයි.“

ඔහු තවදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකානු ඩොලර් මිලියන 100ක බලාපොරොත්තුවක්!

Next Post

කඩුවෙල මහෙස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව  සිද්ධියේ රට පැටලවූ කොස්තාපල්ගේ වැඩ තහනම්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.