ගාසා තීරයේ ඊශ්‍රයාලයට සම්බන්ධ පුද්ගලයින් 212 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බව ඊශ්‍රායලය තහවුරු කර තිබේ.
පසුගිය 07 වැනිදා හමාස් ප්‍රහාරයෙන් පසු ගාසා තීරය වෙත රැගෙන ගිය මෙම ඊශ්‍රයාල ප්‍රාණ ඇපකරුවන් ගැන මෙතෙක් නිශ්ඡිත වශයෙන් කිසිවෙක් ප්‍රකාශයක් කර තිබුණේ නැත.
ඊයේ (21) ප්‍රාණ ඇපකරුවන්ගෙන් දෙදෙනෙක් හමාස් සංවිධානය විසින් නිදහස් කර තිබිණි. ඒ ඇමරිකානු පුරවැසි මවක් සහ දියණියකි.
ඝාතනය වූ බවට දැන් තහවුරු කර ඇති ශ්‍රී ලංකා සාත්තු සේවිකා අනුලා ජයතිලක මෙම ප්‍රාණ ඇපකරුවන් අතර සිටිනු ඇතැයි මුලදී විශ්වාස කෙරිනි.