ඊයේ (22) රත්මලාන, ගාලු පාරේ පිහිටි හෝටලයක හිමිකරු කපා කොටා ඝාතනය කර ඇත්තේ කොස් ගෙඩියක මිල සම්බන්ධව ඇති වූ බහින්බස් වීමක් නිසා බව විමර්ශන අංශ කියයි.
කොස් ගෙඩියක් හෝටලයට අලෙවි කිරීමට පැමිණි පුද්ගලයෙක් සමග එහි මිල තින්දු කිරීමට යෑමේ දී අතිවූ කතා බහ දුරදිග ගොස් මෙසේ කපා කොටා මරා දමා ඇත්තේ එහි හිමිකරු වූ 29 හැවිරිදි තරුණයෙකි. ඔහු හපුගස්තලාව ප්‍රදේශයේ පදංචිකරුවකි.
ඝාතකයාගේ පිහි පහරින් බරපතල තුවාල ලද හෝටල් හිමිකරු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.







