දිනසේන රතුගමගේ –
යාපනයේ ජනතාවට දේශීය සුපිරි නාඩු සහල් කිලෝවක් රුපියලකට මිලට ගැනීම සදහා 22 දා අවස්ථාව උදා වී තිබුණි.
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානය විසින් භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යම නිසා ජනතාව පත්ව සිටින මානසික වික්ෂිප්තභාවයෙන් ඔවුන්ව මුදවා ගෙන මිලදී ගැනීම් වලින් මනස් සංතෘප්ත කිරීමේ අරමුණ ඇතිව මේ වැඩ සටහන ක්‍රියාත්මක කොට තිබුණි.
ඒ අනුව යාපනයේ බොහෝ පිරිසකට කිලෝවක් රුපියල බැගින් සහල් මිලට ගැනීමට අවස්ථාව උදා වී තිබුණි.